විජේදාස ගෙන් අභියෝගයක් – හම්බන්තොට වරාය ආපහු ගන්නවාමයි

wijedasaහම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් එය නැවත ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. කෙසේ වෙතත් මෙය කරන ආකරය පිළිබඳව පැවසීමට විජයදාස රාජපක්ෂ අසමත් වී ඇත.

චීනයට හම්බන්තොට වරාය බදු දීම දේශපාලන තීන්දුවකි. එහෙයින් විජයදාස රාජපක්ෂ මේ සනිටුහන් කරන්නේ ඔහුගේ මීළඟ දේශපාලන නවාතැන් පොළ පිලිබඳ කථාවයි.

දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත් අපේ රටේ සම්පත් හා ශ‍්‍රමය සූරාකන චීනයේ නව ධනපති ක‍්‍රමයට එරෙහිව තම සටන නොනවත්වා ගෙන යන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

කොළඹ වරාය එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණූ කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් කී ඇමැතිවරයා එමගින් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.