විජේදාස තනියම වෙල මැද

wijedasa-nඅධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අස් නොකරන්නැයි කළ ඉල්ලීම් සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. අස්ගිරි පාර්ශවය සහ සෙසු ප්‍රධාන පෙළේ භික්ෂුන්වහන්සේලා විජයදාස රාජපක්ෂ මහතා අස් නොකරන්නැයි ඉල්ලා සිටියහ. විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට දී තිබූ කාලය අදින් අවසන් වූ බවත් අද රාත්‍රී පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සියලු මන්ත්‍රීවරුන් එක හඬින්ඒ පවසා ඇති අතර මේ සම්බන්ධයෙන් පියවර නොගතහොත් මුළු ආණ්ඩුවම අමාරුවේ වැටෙන තත්වයක් උදා වී ඇත.

මේ රජයේ අධිකරණ ඇමැති ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරයකි. මේ වට විට ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්න මහතාගේ නමත්, ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා වී තිබේ. විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීම ජනාධිපතිවරයාට ද දේශපාලන වාසිදායක තත්වයකි.

ඒ අනුව හෙට දිනය තුළ බොහෝ දුරට විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
විජයදාස රාජපක්ෂ මහතාට වෙනත් අමාත්‍ය ධුරයක් දුනහොත් ලැජ්ජාවක් නැතුව ඔහුට භාර ගත හැකිද යන්න ප්‍රශ්නයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.