විජේදාස තමන් නිදොස් බව කියයි – හොයන්න කමිටුවක්

wijedasa-aමැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දූෂණ වංචා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර නොගත්තේයැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විවේචනයට ලක්විය. පැය දෙකක් තිස්සේ පැවැති කථිකාවෙන් පසු විජයදාස රාජපක්ෂ මහතා කියා ඇත්තේ තමා කිසිදු වරදක් කර නැති බවයි.
හම්බන්තොට ගිවිසුම අවසන් කරන කරු ආපසු නොහැරෙන බවට ප්‍රකාශයක් තමා නොකළ බව ද විජයදාස රාජපක්ෂ මහතා කී නමුත් ඔහුට දැඩි විරෝධයකට මුහුණ පෑමට සිදුවිය.

දූෂණ චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට තමාට කළ හැකි දෙයක් නැති බව විජේදාස රාජපක්ෂ මහතා කීවද එය කිසිවකු පිළිනොගත් බව නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා සිය ට්විටර් ගිනුමේ පණිවිවිඩයක් සටහන් කරමින් පවසන්නේ. සාමුහික වගකීම කඩකරන අය ගැන දැඩි තීන්දු ගන්නා බවට එජාප මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හසීම් මහතා පවසයි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සඳුදා (21) රැස්වෙන බවත් ඉන්පසු එම තීන්දු දැනුම් දෙන බවත් ඒ මහතා කියයි.

මේ අතරවාරේ

ආෂු මාරසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා විසින් ගෙන ආ යෝජනාව සම්මත කරන ලද්දේ සිඩ්නි ජයරත්න මන්ත්‍රීවරයා විසින් වන අතර යෝජනාවට විරුද්ධව කවුරු හෝ ඉන්නවා නම් අත ඔසවන්නැයි සිඩ්නින් මහා හයියෙන් කීවද කිසිදු මන්ත්‍රීවරයෙකු ඇමැතිවරයෙකු විජේදාසට පක්ෂව අතක් නොව ඇඟිල්ලක් වත් නො එසවු බවටත් වාර්තා පල වී ඇත.

විජේදාසට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ගය දින දෙකක් තුල දැනුම් දෙන්නැයි එජාප සභාපති, මහ ලේකම් සහ මංගල සමරවීරගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවකට අගමැතිවරයා විසින් බාර දී ඇති බවටත් වාර්තා පල වී ඇත. මේ මොහොතේ විජේදාස රාජපක්ෂට ලැබෙනවා ඇත්තේ ඔහුට අවශ්‍ය ප්‍රතිචාරය විය හැකිය. ඒ ඔස්සේ ඔහුට අවශ්‍ය ඉසව්වට යා හැකි වනු ඇත. ගැටළුව වන්නේ ඔහු යන්නේ වීරයෙක් ලෙසින්ද නැතිනම් පොරොන්දු කඩ කළ ද්‍රෝහියෙක් ලෙසින්ද යන්නයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.