විජේදාස නිසා ව්‍යවස්ථාදායක අර්බුදයක්

Wijeyadasa Rajapaksheවිජේදාස රාජපක්ෂ, අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණද ව්‍යවස්ථාදායක සභාවේ ඔහු දරන ධූරයෙන් ඉවත් කළ නොහැකි බවට මතයක් පතුරුවා ලීමට විජේදාස හිතවාදීන් උත්සාහ ගනිමින් සිටිති. විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවේ සිටින්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙසයි. මීට අමතරව විජේදාස රාජපක්ෂ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ ද සාමාජිකයෙකි. අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණ ද මෙම ධූරයෙන් ද ඔහු ඉවත් කළ නොහැකි බවයි ඔහුට සමීප දේශපාලන ආරංචි මාර්ග තර්ක කරන්නේ. විජේදාස රාජපක්ෂගේ මෙම පත්වීම් අවලංගු වන්නේ ඔහු ඒවායෙන් ඉල්ලා අස්වුවහොත් පමණ බව ඇතැමුන් තර්ක කරති.

ඊට අමතරව කිසියම් අසනීප තත්ත්වයක් හෝ අබලතාවක් ඇතිවුවහොත් පමණක් විජේදාස රාජපක්ෂ අදාළ ධූරවලින් ඉවත් කල හැකි බව ඇතැම් ඇතැම්දේශපාලන විචාරකයින් පවසති. කෙසේ වෙතත් තවත් විචාරකයෙක් පෙන්වා දුන්නේ ‘ජනාධිපතිව අයින් කරන්න ප්‍රතිපාදන තියෙනව නම් මෙහෙයුම් කමිටුවක කෙනෙක් අස් කරන්න බැරි මොකද’ යනුවෙනි.

චරිත දුෂණ චෝදනා

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් අස්කළ හැකි ආකාරය පිළිබඳව සලකා බැලීමේදී අර්ථ නිරුපන උපයෝගී කරගත හැකිය, විශේෂයෙන්ම චරිත දුෂණය පිළිබඳව වගන්ති උපයෝගී කරගත හැකිය. විජේදාස රාජපක්ෂට එරෙහිව චරිත දුෂණ චෝදනා ගෙන ඒමට ඉඩ ඇති බව සරත් ෆොන්සේකා පෙන්වා දී ඇත

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.