විජේදාස ප‍්‍රහාරක ස්ථාවරයක – එහෙත් දේශපාලන පසුබෑමක

Wijeyadasa Rajapaksheයුක්තිය පසඳලීමේ ප‍්‍රමාදය තම වගකීම ඉටුකිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා 5ක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ දෝෂදර්ශනයට ලක්වී සිටින අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ උත්සව කිහිපයකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මතවාද සහ එහි ඇතැම් පුද්ගලයින් දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. එක් අවස්ථාවකදී ඔහු කියා සිටියේ මට ඔටුනු පැලඳවීමට කුමාරයෙක් හෝ රැුකීමට දෙයක් නැතැයි කී දේශපාලන නායකයින්ගේ පක්ෂ බලයට පත්කිරීම නිසා මේ රට අගතියට පත්වූ බවයි.

මේ ප‍්‍රකාශය කොට තිබුණේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයි. ඔහු කියා සිටියේ ඔටුනු පැළඳ වීමට කුමර කුමරියන් දහස් ගණනක් මේ රටේ සිටින බවයි. මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට කතා කල විජේදාස රාජපක්ෂ කියා සිටියේ මේ රටට ගැලපෙන දේශපාලන ක‍්‍රමයක් සංඝයාවහන්සේ විසින් යෝජනා කළ යුතු බවයි. එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සමහරුන් තමන් වෙනුවෙන් කතා කරන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වන බවත් විජේදාස රාජපක්ෂ පැවසීය.

මෙම උත්සව වලදී ඔහු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන අතරවාරයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත තම ප‍්‍රශංසාව පුද කොට සිටියේය. දේශපාලන විචාරයකයින් පෙන්වා දෙන පරිදි ඔහු අධිකරණ අමාත්‍ය ධූරයෙන් තොරව රාජක්ෂවරුන්ට වැදගත් නොවන හෙයින් ඔහු අධිකරණ ධූරය රැක ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහය අපේක්ෂා කිරීමට ඉඩ තිබෙන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.