විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාශ භංගයක්?

wijedasa-aවිජේදාස රාජපක්ෂ ඇමතිවරයාට එරෙහිව විශ්වාශ භංගයක් ගෙන ඒමේ සුදානමක් පවතී. මේ පිළිබඳව විමසු විට විජේදාස රාජපක්ෂ ප්‍රශ්න වලට පිළිතුරු දීම මග හැර ‘මම පස්සේ කියන්නම් යැයි කීවේය.  අවන්ගාර්ඩ් සමාගම හා පැවැත්වූ සම්න්ධකම්, නඩු පමාව මෙන්ම මුදල් විශුද්ධකරණය පිළිබඳව චෝදනා ඉදිරීපත්වීමට ඉඩ ඇත.

විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා රඛිත රාජපක්ෂ කළු සල්ලි ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇති බව විජේදාස රාජපක්ෂට නිතර ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවියක් කියා සිටී. විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මාලා රාජපක්ෂගේ නමින් නීත්‍යාණුකූලව පවත්වාගෙන යන Lotus Holding සමාගම නිසි ලෙස ආදායම් බදු නොගෙවන සමාගමක් බව මෙම වෙබ් අඩවිය කියා සිටී.

අනෙක් අතට හම්බන්තොට වරාය ආදී ගැටළු පිළිබඳව ප්‍රගතිශීලී ස්ථාවරයක් දැරීම හේතුවෙන් තමන්ට පහර දෙන බව කියා සිටීමට විජේදාස රාජපක්ෂ උත්සාහ ගනිමින් සිටී. විජේදාස රාජපක්ෂ හට ඒකාබද්ධ විපක්ෂයේ රැකවරණ ලැබීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.