විජේදාස රාජපක්ෂට කැබිනට් මණ්ඩලයේදී දැඩි ප්‍රතිචාරයක්

Wijeyadasa Rajapaksheකැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ ස්ථාවරය පිළිබඳව ඔහුගේ සෙසු කැබිනට් සගයන් විසින් දැඩි ප්‍රතිචාරයක් එල්ල වූ බව වාර්තා වේ. මේ අතර වාරයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හැට තුන් දෙනෙක් පමණ විශ්වාසභංගයකට අත්සන් තබා ඇති නමුත් මෙම විශ්වාසභංගය ඉදිරියට යානොහැකි තත්වයක් පවතී. මේ තත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් රැසකම කියා සිටින්නේ තමන් පත්කළ ආණ්ඩුවව යටතේ තමන්ට අසාධාරණයක් සිදුවන බවයි. ” අපේ අරක්කු අපිටම ගහන්න පටන් අරන් ” යැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් පැවසීය .

මේ අතර වාරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ 17 වෙනිදා පත් කල කෘත්‍යධිකාරි මණ්ඩලයේදී මේ පිළිබඳව සලකා බැලිය හැකි හෙයින් මේ පිළිබඳව කලබල වීමට අවශ්‍ය නැති බවයි. මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අයවලුන්ට එරෙහිව ඉක්මනින් දැඩි නීතිමය පියවරක් ගතයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂ පසු පෙළ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර යම්කිසි සන්ධානයක් ගොඩ නැගීමට ඉඩ තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.