විජේදාස රාජපක්ෂට ජිනීවා අමතක වෙයි

wijedasaපසුගියදා පස්දින සංචාරයක් සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් හමුවූ අවස්ථාවේදී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හා ඔහු අතර උණුසම් සංවාදයක් ඇති විය. දැන් හෙළිදරව් වන තොරතුරු වලට අනුව විජේදාස රාජපක්ෂ හා බෙන් එමර්සන් අතර උණුසුම් සංවාදයක් ඇති වීමට තුඩු දුන් කරුණු අතර එකක් වන්නේ ශී‍්‍ර ලංකාව ඉදිරිපත් කිරීමට යන නව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතයි.

විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ මෙවැනි පනතක් පිළබඳ සාකච්ජා කිරීම එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට අදාල නොවන බවයි. අධිකරණ ඇමතිවරයාට අමතක වී ඇත්තේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාව යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී ශී‍්‍ර ලංකාව තමන්ගේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන බව පොරොන්දු වූ බවයි. එම පොරොන්දුව ඉටු කරන්නේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමේ වගකීමක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අත පවතී.

එවැනි තත්ත්වයක් පවතිද්දී එය හුදෙක්ම ශී‍්‍ර ලංකා ආණ්ඩුවේම කටයුත්තක් බව පැවසීම රාජ්‍ය තාන්ති‍්‍රක නොවන බවයි දේශපාලන විචාරයකයින් පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.