විජේදාස රාජපක්ෂ හොරු රකින බව අජිත් පෙරේරා කියයි

Ajith P. Pereraපසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිදු කර ඇති වංචා දූෂණවලට අදාළව විමර්ශන සිදු කර අධිචෝදනා ගොනු කර ඇතත් ඊට අදාළ නඩු කටයුතු ඉක්මන්නොවන්නේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එයට බාධාවක් වී ඇති නිසා යැයි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිරස සටන වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

තමන් මේ සම්බන්ධයෙන් කතා කළ හැකි සෑම තැනකම කතා කර ඇතත් එයින්ද පලක් නොවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. විජේදාස රාජපක්ෂ මහතා පැවති ආණ්ඩුවේ රාජපක්ෂවරුන් සමග එළෙඹෙනඑකඟතාවයන් නිසා මෙලෙස නඩු කටයුතු පමා කරන්නේදැයි විමසු විට අජිත් පෙරේරා පැවසුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට බලය ඇති අයට දේශපාලන අදිටන නැති බවයි.අවශ්‍ය නම් ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක්න මගින් මේ නඩු විභාග කළ හැකි නමුත් විජේදාස රාජපක්ෂ මහතා එසේ නොකරන බව අජිත් පී පෙරේරා මහතා පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.