විජේදාස ලණුව කඩා ගත්ත හරකෙක් වගේ ඇන ඇන යනවා – සරත් ෆොන්සේකා

sarathකැළණිය පක්ෂ කාර්යාලය පැවැති රැස්වීමකදී සරත් ෆොන්සේකා මහතා විජේදාස රාජපක්ෂ පිළිබඳව තම අදහස ප‍්‍රකාශ කොට තිබුණා. ” විජේදාස රජපක්ෂ ගැන මම නම් මුලින්ම දැනගෙන හිටියා. අනිත් අය විජේදාස රාජපක්ෂ ගැන හොඳ කියද්දිත් මම විරුද්ධ වුණා. ඔහු මට වෙල් විදානේ යැයි කියමින් අපහාස කළා. ඔහුගේ කල්කි‍්‍රයාව හොඳ නැති බව මම කලින්ම දැනගත්තා. අපේක්ෂකයෙක් විදිහට ඔහු වැඩ කළේ මහින්දට. මහින්දගෙ පැත්තට තමයි කතා කළේ. ඒ නිසා මම විරුද්ධ වුණා. මම විරුද්ධ වෙන කොට සමහර අය මට විජේදාසට එහෙම කියන්න එපැයි කිවුවා. නමුත් මම දැන ගෙන හිටියා ඔහු කවුද කියන එක. අද ඔහු ලණුව කඩාගත්ත ගොනෙක් වගෙයි. හැම තැනටම අනින්න පටන් අරන්. නමුත් මේ එයාගේ අන්තිම කුලප්පුව. අපි මොහුට විරුද්ධව යම් කිසි පියවරක් ගත යුතුයි. ” යනුවෙන් ඔහු පවසා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.