විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 7කට මරණ දඬුවම

vidyaමහත් ආන්දොලනයට තුඩු දුන් යාපනය විද්‍යා ශිෂ්‍යාව පැහැරගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන ස්‌වීස්‌ කුමාර ඇතුළු හත්දෙනකු වරදකරුවන් බවට තීන්දු කළ යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම විත්තිකරුවන්ට ඊයේ දහවල් (27 වැනිදා) මරණීය දණ්‌ඩනය නියම කළහ.

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් හත්දෙනාට එල්ලවී තිබූ චෝදනා 41 ටම වරදකරුවන් බව ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයා විසින් ලබාදෙන දිනයක හා වේලාවකදී ඔවුන් ප්‍රාණය නිරුද්ධවන තුරු එල්ලා මරා දමන ලෙසද නියෝග කළහ.

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ සැකකරුවෝ දෙදෙනෙක්‌ රජයේ සාක්‍ෂිකරුවන් වීම නිසා ඔවුහු නිදහස්‌ කරනු ලැබූහ.

මේ අතර මරණ දඬුවමට අමතරව විත්තිකරුවන්ට තිස්‌වසර බැගින් වූ සිරදඬුවම්ද රුපියල් හතළිස්‌ දහස බැගින් දඩ මුදලක්‌ද විද්‍යා ශිෂ්‍යාවගේ මවට රුපියල් දස ලක්‍ෂය බැගින් වන්දි ගෙවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් නියෝගයේ සඳහන්ව ඇත.

අදාළ වන්දි මුදල නොගෙවුවොත් එම වරදකරුවන්ට තිස්‌වසරක වූ සිර දඬුවමට අමතරව තවත් දෙවසර බැගින් වූ සිරදඬුවම් ලබාදෙන ලෙසද නියෝග කර තිබේ.

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස ශෂී මහෙන්ද්‍රන් මහතා කටයුතු කළ අතර මහාධිකරණ විනිසුරුවරුන් වන අන්නා ලිංගම් රවී ශංකර් සහ මාණික්‌කවාසිගර් ඉලංෙච්රියන් මහත්වරුද ඊට ඇතුළත් වූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.