විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට පැටවීමට ගත් උත්සාහය වැරදෙයි

vidyaයාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදී දූෂණයට ලක්ව ඝාතනය කෙරුණු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය නාවික හමුදාව හා වෙනත් ආරක්ෂක අංශ වේට පැවරීමට ගත් උත්සාහය වැලකී ගිය ආකාරය උසාවියේදී හෙලිදරවේ විය.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යාපනය මහාධිකරණයේදී පැවසුවේ දැරිය‍ගේ ඝාතනය සිදුවු ස්ථානයට කිලෝමීටර දෙකක පමණ දුරකින් නාවික හමුදා කඳවුරක් පිහිටා තිබීම හේතුවෙන් ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට චෝදනාවක් එල්ල කොට තිබුනි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී හයවන විත්තිකරු‍ගේ නිවසේ තිබි දැරියගේ උපැස් යුගල සොයා ගත බවත්අ දාළ උපැස් යුගල පරණ කලිසමක ඔතා තිබුන බවත්ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කියා සිටියේය. මේ හේතුවෙන් නාවික හමුදාව කෙරේ තිබු සැකය බැහැර කිරීමට හැකි විය. මේ සැකකාර ස්ත්‍රී දුෂකයින්ක අත යහමින් මුදල් ගැවසුන බවත් පෙනෙන්නට තිබේ.

රුපියල් කෝටි දෙකක අල්ලසක්

සැකකරුවන් වවුනියාව බන්ධනාගාර‍යේ බන්ධනාගාරගතව සිටින අවස්ථාවේදී ඉෆ්තාප් නමැත්තෙකු දුරකථන මාර්ගයෙන් අමතා සිද්ධියට සම්බන්ධ 09වැනි විත්තිකරු හා 04 වැනි විත්තිකරු රජයේ සාක්ෂිකරුවන් කරන ලෙසට ඉල්ලීම් කළ බවත්, ඒ සඳහා රුපියල් කෝටි දෙකක මුදලක් ලබාදෙන බවට අල්ලස් ලබාදීමට උත්සහ කළ බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වැනි දින පාසල් ඇඳුම්න් සැරසි පාසල් යමින් සිටි 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.