විදුලිබල මණ්ඩලයේ අනියම් ගර්ජනය දියාරු වේ

ranjith-siyambalapitiyaඅත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 පෙ.ව 08.30 ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවත් එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ පරිවාස කාලය තුළ සිටින සියළුම සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරනු ලබන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබින.

මේ වන විට බොකෝ දෙනා සේවයට වාර්තා කොට ඇත්තේ තමන්ට ලණු දුන් අයට පස් පඩන්ගුවේ බැන වදිමින් සේවයට වාර්තා කොට ඇත.

මේ අතර වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරතිබූ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදී තිබියදීත් වැඩවර්ජනයකට යාම සාධාරණ නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව අවධාරණය කළේ, පෙරේදා (14) ලංවිම වෘත්තීය සමිති නියෝජිතයන් සමග විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටියේ සේවකයන් සඳහා කිසියම් අසාධාරණයක් සිදුවී ඇත්නම්, ඒ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. මතුවී තිබූ සමහර ගැටළු පසුගිය ආණ්ඩුව ඉතිරි කර ගිය ඒවා බවද, එදා මේ ගැන කතාකරන්නවත් වේදිකාවක් නොමැතිව සිටි පිරිසට වේදිකාවක් තනා දී සේවක අයිතීන් සුරක්ෂිත කරන්නට තමා කටයුතු කළ බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා, මේ තත්ත්වය නිසා විදුලි පාරිභෝගිකයන්ට ගැටළු ඇතිවීමට ඉඩ නොතබන බවද පැවසීය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.