විදුලි දුම්රිය ලංකාවටත්.

electric railway

නාගරික දුම්රිය පද්ධතිය විදුලිකරණය කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේ ය.

නාගරික දුම්රිය පද්ධති ආරම්භ කරමින් වත්මන් ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි කාර්යක්ෂම දුම්රිය සේවයක් ස්ථාපනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරන ලද මූලික ශක්‍යතා අධ්‍යයනය පාදක කරගනිමින් පානදුර හා වේයන්ගොඩ අතර දුම්රිය පද්ධතිය විදුලියකරණය කිරීමට අදාලව සක්‍යතා අධ්‍යයනය සිදු කෙරෙන බව වාර්තා වේ.

එම අධ්‍යයන වාර්තාව පදනම් කරගෙන නිර්දේශිත ප්‍රතිපත්ති රාමුව තුළ රැඳෙමින් දුම්රිය විදුලියකරණ උපාය මාර්ග හා ව්‍යාපෘති තීරණය කිරීම සිදුවන අතර පාරදෘශ්‍ය  තරගකාරී ක්‍රමවේදයක් තුළින් දූෂණය හා නාස්තිය වැළැක්වෙන පරිදි උපරීම ප්‍රාග්ධනය ඵලදායීතාවක් සහිතව එම යෝජනා ක්‍රියාත්මක කිරීම ද සිදු වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.