විදුහල්පතිනියට හිංසනය කළ ඌව මහ ඇමතිට විරෝධය

chamara-sampathබදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහලපතිනිය ආර් .බවානි දණ ගැස්වූ හා තර්ජනය කළ ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාව කාන්තා හිංසන චෝදනා යටතේ වහා අත් අඩංගුවට නොගතහොත් ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීම⁣ට සුදානම් බව ලංකා ගුරු සංගමය පවසන අතර පළාතේ සිවිල් සංවිධාන ඔස්සේ වීරෝධය ගොනුවෙමින් පවතී.

විදුහල්පතිනිය කරන හෙළිදරව්ව හද කම්පා කරවන සුළු බව සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දක්වෙමින් පවතී. මේ රටේ මතු පරම්පරාව පිළිබඳව ඔබට යම් හැඟීමක් ඇත්නම් මෙම වීඩියෝ සටහන නරඹන ලෙස ඉල්ලා සිටිමු.

තමා තර්ජනයට බියෙන් දණින් වැටුණු බවඇය පවසන්නීය.මේ හේතුවෙන් තමන්ට දැඩි ලැජ්ජාවක් දැනෙන බව ඇය පවසන්නීය. තර්ජනය කිරීමෙන් නොනැවතී පසුව බිය ගන්වා ඇය ලවා අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබාගැනීම පිළිබඳවද මහඇමතිවරයාට එරෙහිව පියවර ගත යුතුයැයි ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා  පැවැසීය.

මේ අතර ඇගෙන් අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබා ගැනීමට හවුල් වූ බව කියන ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව, පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවට එරෙහිවද වහා විනය පියවර ගන්නැයි ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යැවූබව ද⁣ ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කලේය.

මෙම නිලධාරින් සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා පියවර පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ද ලේකම්වරයා තවදුරටත් පැවැසීය.

මන්ත්‍රී සුරේෂ් වඩිවේල් පැවසුවේ නිසි පියවර නොගතහොත් තමන් වතුකරයම පාරට බස්සන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.