විදෙස් උපදේශකයින්ට මාස7ට ලක්ෂ 1350

හිටපු ජනපති රාජපක්ෂ මහතාගේ සමයේ දියත් කර තිබුණු දේශීය පරීක්ෂණයක් සම්බන්ධ තොරතුරු හෙළිදරව් වී ඇත.ඒ වියදම් විශ්මිතය.

.2013 අගෝස්තු  මාසයේදී විශේෂ කොමිසමක් පත්කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යුධ සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ වගකීම ඊට පැවරීය.එම කටයුතු  සිදුවෙමින් පැවතෙද්දී පසුගිය වසරේ ජූලි 17 වැනිදා එයට තවත් රාජකාරියක් පැවැරිනි.2009 වසරේ මැයි මස 19 වැනිදා අවසානය දුටු යුද්ධයට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූ සිවිල් වැසියන් පිලිබඳ තොරතුරු එක්රැස් කිරීමටත්,එම  වැසියන් එසේ යුද්ධයේ ගොදුරු බවට පත්වීමට හේතු කාරණා සෙවීමටත් නව රාජකාරියට අනුව කොමිසමට සිදුවිය.

මේ සඳහා රාජපක්ෂ නියමයෙන් අන්තර්ජාතික උපදේශකයන් කණ්ඩායමක් තෝරා ගැනින.මුල් සාමාජිකයින් වූයේ එක්සත් රාජධානියේ පුරවැසියන් වන සර් ඩෙස්මන්ඞ් ද සිල්වා,ජෙෆ්රි නයිස්,රොඞ්නි ඩික්සන්, යන තිදෙන හා ඇමරිකාවේ ඩේවිඩ්.එම්.ක්‍රෙන්ය.

සන්ඬේ ටයිම්ස් වෙත ලැබී තිබෙන වාර්තා අනුව මේ සිව්දෙනාට හා  ඔවුන්ගේ වෙනත් පාර්ශවකරුවන්ට 2014 ජූලි මස 7 වැනිදා සිට 2015 පෙබරවාරි මස 7 වැනිදා දක්වා ගෙවුනු මාස 7 කාලයට රුපියල් ලක්ෂ 1350 ක මුදලක් ගෙවා ඇත.මෙම ගෙවීම් සෘජුවම මහ බැංකුවෙන් සිදුකර තිබෙන අතර නීතිප‍්‍රකාරව සිදුවිය යුතු ආකාරයට  ඒවාට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබාගැනීමක් සිදුව නොමැත.

 

maxwel paranagama

මැක්ස්වෙල් පරණගම

 

මෙම පුද්ගලයින් හා ඔවුන්ගේ සහචරයින් දිවයිනට පැමිණ ඇත්තේ අවස්ථා 3 කදී පමණි.කොමිසමේ ප‍්‍රධානී මැක්ස්වෙල් පරණගමට අනුව පත්කෙරුණායැයි කියූ අලූත්  සාමාජික කමිටුවේ සාමාජිකයින් ලෙස ඔහුට මුණගැසී තිබෙන්නේද මේ සිව්දෙනා පමණකි.ඔවුන් කොමිසමේ රැුස්වීමකටවත් සහභාගීවුනේ නැහැ.ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

මෙම සිව්දෙන ඔවුන්ගේම තනි කැමැත්තට කිලිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශයන්ගේ සංචාරය කර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.පරණගම මහතාට අනුව කොමිසමේ ආයු  කාලය මෙම වසරේ අගෝස්තු 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.සන්ඬේ ටයිම්ස් වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම සිව්දෙනගේ කිලිනොච්චි හා මුලතිව් සංචාරයන්ට වැයව ඇති මුදල රුපියල් ලක්ෂ 6 කට ආසන්නය.ආහාර හා වෙනත් පහසුකම් සදහා ඒ මුලද වැයවීයැයි එම තොරතුරු වල දැක්වේ.දින දෙකකට පමණක් සීමාවූ මෙම  සංචාරය සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 8 වැනිදා හා 9 වැනිදාය.එළැඹෙන 29 වැනිදා ඔවුන් ති‍්‍රකුණාමලයේ සංචාරයක නියැළීමට නියමිත බවද සදහන්ය.

ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වා
ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වා

 

ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වාට පසුගිය මාස 7 ක කාලයට ගෙවා ඇති මුදල පවුම් 357336 කි.එය ශී‍්‍රලංකා රුපියල් වලින් ලක්ෂ 790 කට ආසන්නය.මෙසේ මාස 7 ක කාලයට  අනෙක් පුද්ගලයින්ටද ගෙවා ඇති මුදල් ප‍්‍රමාණයන් මෙසේය.

රොඩ්නි ඩික්සන් – ස්ටර්ලිං පවුම් 27000.රුපියල් ලක්ෂ 57 කට අධික මුදලක්.

ඩේවිඩ්.එම්.කේ‍්‍රන් – ඇමරිකා ඩොලර් 60000.රුපියල් ලක්ෂ 78 කට අධික මුදලක්.

මෙම ගෙවීම් වලට අමතරව විදේශ විනිමය වියදම් ලෙස තවත් ඩොලර් 22500 ක් (රුපියල් ලක්ෂ 98 කට අධික මුදල් ප‍්‍රමාණයක්) ද දේශීය විනිමය වියදම් රුපියල් ලක්ෂ 44 කට අධික මුදලක්ද මෙම සිව්දෙනාට ගෙවා ඇත.

වියදම් පිළිබඳ තවත් විස්තර පහත වේ.

උපදේශක කමිටුවේ සාමාජිකයෙකුද නොවන පී.පී.මල්වගනම් නම් පුද්ගලයෙකුට ස්ටර්ලිං පවුම් 100000 ක්,රුපියල් ලක්ෂ 207 කට අධික මුදලක් ගෙවා ඇත.ජේ.ටී.හොම්ස්  නම් මේජර් ජෙනරාල්වරයෙකුට ස්ටර්ලිං පවුම් 21500ලරුපියල් ලක්ෂ 43 කට අධික මුදලක්ද,අධිකරණ කටයුතු,අපරාධ විමර්ෂණ කටයුතු පිළිඹද විශේෂඥයෙකු බව කියන  මයිකල්.ඒ.නිව්ටන් නම් පුද්ගලයෙකුට ඩොලර් 5000ලරුපියල් ලක්ෂ 6 කට අධික මුදලක් ආදී ලෙස මුදල් ගෙවීම් සිදුකර තිබේ.

මේවාට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වල සකී‍්‍රය සාමාජියෙකු වන ජීවන් ත්‍යාගරාජා යටතේ වූ රාජ්‍ය නොවන මානවවාදී සංවිධාන එකමුතුවකට රුපියල් ලක්ෂ 37 කට අධික මුදලක්ද,කාර්යාල කටයුතු සදහා රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ලබාදී ඇත.

ගෙවීම් මෙතැනින් නවතින්නේද නැත.නියමිත මාස 7 ගෙවී අවසන්වූ පසුවද නොයෙකුත් ගෙවීම් සිදුව ඇත.මේ දැක්වෙන්නේ මාස 7 ක කාලය ගෙවී අවසන්වුනු මෙම මස 7 වැනිදා සිට පසුගිය 12 වැනිදා දක්වා සිදුකර තිබෙන ගෙවීම් ගැන විස්තරය.

ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වා – ස්ටර්ලිං පවුම් ලක්ෂ 4 කට අධික මුදලක්.ඒ අනුව ඔහුට ගෙවා ඇති මුලූ මුදල පෙර සදහන් කළ අගයට එකතු කළ විය පවුම් ලක්ෂ 8 කට ආසන්න වේ.රුපියල් වලින් ලක්ෂ 1640 කට අධික මුදලකි.

ශී‍්‍රමත් ජෙෆ්රි නයිස් හා ඔහුගේ ආර්යාව – ස්ටර්ලිං පවුම් 86538 යි.මෙම මුදලද එකතු කළ විට දෙපළට ගෙවා ඇති මුලූ මුදල ස්ටර්ලිං පවුම් 122358 කි.රුපියල් වලින් ලක්ෂ 257 කට ආසන්න මුදලකි.

ඩේවිඩ්.එම්.කේ‍්‍රන් – ඩොලර් 67500 කි.ඒ අනුව ගෙවා ඇති මුලූ මුදල ඩොලර් 127500 ක් වේ.රුපියල් වලින් ලක්ෂ 17 කට ආසන්නය.

මෙම උපදේශක කමිටුවට සිදුකර ඇති ගෙවීම් ගැන මේ කෙටි සදහනක් පමණකි.සන්ඬේ ටයිම්ස් වෙත වාර්තා වන ආකාරයට දැනට කි‍්‍රයාත්මක පරීක්ෂණ වලින් හෙළිවීමට නියමිත ඉදිරි විස්තර වලට අනුව සිය ගණනක් දෙනාට නොමිලයේ නිවාස ඉදිකර දීමට,දුෂ්කර ගම්මාන වල විදුලි බල ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කිරීමට,උතුරට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට,නව පාසැල් පිහිටුවීමට ආදිය සිදුකිරීමට හැකිවන තරමේ විශාල මුදල් ප‍්‍රමාණයක් කමිටුවට ගෙවා ඇත.කමිටුවේ කි‍්‍රයාකාරම් ගැන ගැටලූ රැුසක්ද මතුව  තිබේ.සාමාජිකයින් විදේශිකයින් වීමද ඔවුන්ට තමන්ට වුවමනා හැටියට කටයුතු කරන්නට ඉඩ සළසාදී තිබීමද සැක උපුදවයි.ඔවුන් ප‍්‍රධාන කොමිසමේ රැස්වීම් වලට සහභාගීව නැත. නමුත් තමන්ගේම

තනි මතයට යුද්ධය දරුණුවට සිදුවූ ප‍්‍රදේශ නිරීක්ෂණයේ යෙදී ඇත.ඔවුන් කරන්නට ඇත්තේ කුමක්ද? මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයට ශී‍්‍රලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවට අභියෝග කළ  හැකි වාර්තාවක් පිළියෙල කිරීමේ කටයුත්තකවත් ඔවුන් නිරතව සිටියාද?

සැබෑවටම එවැනි දෙයක් සිදුව ඇත්නම් ඒ සදහා රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් වියදම් කළ යුතුව තිබුණාද?.ඉදිරි හෙළිදරව් වලින් මෙම මුදලේ අගය මිීට වඩා  ඉහළ යනු ඇත.මෙවන් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කෙරුණේ එයින් අවසානයේ ලැබෙන වාර්තාව අන්තර්ජාතික ප‍්‍රජාව කොපමණ දුරකට පිළිගනීදැයි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකෙරුණු විමර්ෂණයකට පසුවද?.පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන  රජය මෙවන් මුදලක් වියදම් කළේ ශී‍්‍රලංකාවේ බහුතර ජනතාව ජීවන වියදම් බරින් මිරිකෙමින් සිටි සමයකය.

ප‍්‍රධානම ගැටලූව වන්නේ වත්මන් රජය අන්තර්ජාතික ප‍්‍රජාව දිනා ගැනීමට දරන උත්සාහයට මෙම උපදේශක කමිටුව ඉදිරිපත් කරනු ඇති වාර්තාවක් ප‍්‍රයෝජනයට ගනීද යන්නයි.

‘යුධ අපරාධ’

දැන් පවතින දේශපාලන තත්වය අනුව  කෙස්  පැලෙන තර්ක උපයෝගී කරගනිමින් සුදුහුණු ගෑම් වලට ගියහොත් අළුත් ආණ්ඩුවට වැලේ වැල් නැතිවෙනු ඇත.බැළු බැල්මට පෙනෙන්නේ  තමන්ට වාසිදායක තර්ක ගොඩනග ගැනීම සඳහා විශාල වශයෙන් මුදල් පොම්ප කර ඇති බවයි.ජාත්‍යන්තර කීර්තියක් ඇති අහවලාත් ‘යුධ අපරාධ’ සිදුවී නැහැ

කියා තිබෙනවා ඒ නිසා යුධ අපරාධ සිදුවී නැත යැයි කියා සිටීම මේ වාර්තාව පිටුපසින් ඇති තර්ක ක්‍රමවේදය බව පෙනෙන්නට තිබේ. සල්ලි තියෙන පාතාලකාරයින් නඩුවකට පැටළුන පසුව සල්ලි බාගේ විසි කොට හොඳ පෙරකදෝරුවෙකු අල්ලා ගෙන ගැලවී යෑමේ ක්‍රමවේදය කෙරේ වැඩ විශ්වසයක් තබා වැඩකොට ඇති බවක් පෙනේ.

යුද්ධයෙන් පීඩාවට පත්වූ අහිංසක දෙමළ,මුස්ලිම්,සිංහල මිනිසුන් හා මේ ප්‍රශ්නය බිම් මට්ටමේදී විසඳා ගැනීමට උත්සාහ කළා නම් ජාත්‍යන්තර තලයේදී මේ ප්‍රශ්නය මේ වන විටත් බේරා ගත හැකිව තිබින.අනෙක් අතට මේ වියදම්කාරී උපදේශක බිල් වලින් ගැලවෙන්නටත් ඉඩක් විය.

 

Advice for Srilanka’s  missing peoples commission costly.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.