විදේශිකයින්ට පමණක් වැසිකිළි ස්වදේශිකයින්ට කෙණහිලි

Public Toiletsසංචාරක ව්‍යාපාරය යළිත් පන ගසා පිබිදෙන්නට පටන් ගනිත්ම විදේශිකයින්ට පමණක් සීමා වූ වැසිකිළි තැනින් තැන ඇතිවී තිබේ.
කාට හෝ පිරිසිදු වැසිකිළියක් තිබීමේ වරදක් නැති වුනත් ශ්‍රී ලාංකිකයින්ට මිහි පිට අපායයකට යන්නට කියා පිරිසිදු වැසිකිළිය විදේශිකයින්ට පමණක් වෙන් කිරීම බොහෝ දෙනාගේ කෝපයට හේතු වී ඇති අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වැසිකිළි වලින් අඩක්ම මේ වන විට වසා දමා ඇත.

පේරාදෙණිය උද්භීද උද්‍යානයේ විදේශිකයින්ට පමණක් වෙන්වූ වැසිකිළි ඇතිකොට තිබෙන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේත් යතුරු දැමූ විදේශිකයින්ට පමණක් වූ වැසිකිළි වේ.

ඇල්ල, නානුඔය දුම්රිය ස්ථාන වලත් විදේශිකයින්ට පමණක් වෙන් වූ වැසිකිළි ඇති කිරීමේ වැඩ පිළිවෙලක්
ඇති කොට ඇත.
දුගඳ හමන දුම්රිය වැසිකිළි පිළිබඳව පියවරක් නොගෙන විදේශිකයින්ට පමණක් වෙන්වූ වැසිකිළි ඇති කිරීම
සනීපාරක්ෂාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයට හිතකර නොවන බව දුම්රිය බලධාරීන් වටහා නොගැනීම කණගාටුවට කරුණකි.

මේ වන විට විදේශිකයින්ට පමණක් වෙන්වූ වැසිකිළි ගල්කිස්ස්ස,බදුල්ල හික්කඩුව සහ පානදුර දුම්රිය ස්ථාන වල ක්‍රියාත්මක වේ .
හික්කඩුවේ සිට www.lankanewsline.com වෙත කථා කළ සංජය දමිඳු බදුගොඩගේ පැවසුවේ මෙම තත්වය නිවැරදි කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දුම්රිය මගීන් බලහත්කාරයෙන් විදේශිකයින්ට පමණක් වෙන්වූ වැසිකිළි භාවිතා කිරීමට කටයුතු කළ හැකි බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.