විදේශ අඩවියක සිට ජාතිවාදය ගැන සටහනක්

 

 

Tour_Eiffel_Wikimedia_Commons

පසුගිය ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයේ බලයේ සිටි රජයේ ප‍්‍රධානතම සටන් පාඨයක් වුයේ නින්දිත ලෙස ජාතිවාදය ඇවිලීමයි.

ඔවුනට එල්ලවූ චෝදනා වලට පිළිතුරු නැතිවූ නිසා ජාත්‍යයන්තර කුමන්ත‍්‍රණ,දෙමළ ඩයස්පෝරාව,,උතුරේ ඊළම, ජාත්‍යයන්තර යුද අධිකරණ, පිළබදව සාමාන්‍ය ජනතාව අනුකම්පාව හා භීතිය දල්වා කැමත්ත ලබා ගැනීමට දැරූ අප‍්‍රසන්න උත්සහාය දුටුවිට මිනිසුනට කොයි තරම් වංචනික ලෙස වචන හැසිරවිය හැකිදැයි අදහා ගත නොහැකි තත්වයක් අපට ඇතිවිය.

මධු මාධව, බෙංගමුවේ නාලක හිමි, විමල් වීරවංශ  කණ්ඩායම ඇතුළු හිටපු ජනාධිපතිද  මෙම උත්සාහය කරනු දැකිය හැකි විය.

      යම් රටක උපන් පුරවැසිකුට සිය මව් බිමේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය ලෝකය පිළිගත් සත්‍යයකි. එහෙත් පුදුමයට කරුණ නම් තමන් නොඉපැදුන රටක ජීවත් වෙමින් ඒ රටේ දියුණු දේශපාලන පරිසරයේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමින් තමන්ගේ රටේ ඉපැදුණු මිනිසුනට එම අයිතිය දීමට විරුද්ධව ක‍්‍රියා කරන අය දක්නට ලැබීමයි. මෙය පැහැදිලිවම ආත්ම වංචාවකි. එවැනි මිනිසුන් සිටින සමාජයක් සැබැවින්ම පසුගාමි සමාජයකි.

      විදේශ ගත ශ්‍රී ලාංකිකයින් අත්දකින විවිධ ජාතීන්ගෙන් සමන්විත බහු ආගමික, බහු සංස්කෘතික, පදනමක් සහිත ජීවන රටාව මැද මේ සහජීවනය ක‍්‍රියාත්මක වන්නේ ඒ ඒ රටවල නීති පද්ධතියකින් සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම් සුරක්ෂිත කර ඇති නිසාය.

තම ආගම, සංස්කෘතිය, භාෂාව නිසාත් සංස්කෘතික හැඩ ගැසීම් නිසා ජීවත් වීමේදි පීඩනයක්, අසතුටක්, හිංසාවක් ගැටළුවක් ඇති වන්නේ නම් දියුණු සමාජයක නොතිබිය යුතු ගැටළුවක් ලෙස සලකා සාධාරණ විසදුමක් ලබා ගැනීමේ අත්දැකීම විදේශ ගත ශ්‍රී ලාංකිකයන් අත්දැක සිටියත්, ඇතමුන් ලංකාවේ ජාතීන් අතර, ආගම් අතර, විවිධතා සහයෝගයෙන් හා සමානාත්මතාවයෙන් බෙදාහදා ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ එක්කෝ උපන් ගෙයි මෝඩකම නිසාවෙනි.

නැතහොත් අතිශය දුෂ්ට සිතුවිලි සිතට ගෙන එවන් පසුබිමක සිය ජීවන අත්දැකීම් ලබා ඇති නිසාය. එසේත් නැතහොත් ජාතිය ගලවා ගැනීමේ උප්පරවැට්ටියත් තම හීනමානි පෞරුෂය ලොවට පෙන්වීම සඳහාය. අන්‍ය ජාතීන් සමග උරෙනුර ගැටී එකිනෙකාට සුබ පතමින් අරඹන දෛනික ජීවිතයේ එකිනෙකාට ගෞරව කරමින් නිහතමානි ලෙස තම ගෞරවය රැක ගනිමින් රැකියාවේදි ගමන් බිමන් වලදී සමාජ කි‍්‍රයාකාරිත්ව යටතේ විදේශ ගත ලාංකිකයින් ලබන අත්දැකීම් අමතක කොට”රට කොටියට” යන මතය මිනිස් කමට නිගා දෙන අන්ත පසුගාමී හා ප‍්‍රතිගාමී අදහස් ප්‍රචාරයට  විරුද්ධ නොවීම වැරදි සහගතය.

doparis

       විදේශ ගත අපි පැමිණ ඇත්තේ වෙනත් අයකුගේ රටකටය. අපට ඒ රට අයිති නැති මුත් එහි මිනිසුන් සැම දෙනාටම සලකක්නේ මිනිසුන්ම හැටියට මිස ඔවුන්ගේ රටට අයත් නැති කොටසක් ලෙස නොවේ. එහෙත් ඔබේම රටේ උපන් සහෝදර ජනතාවට, සහෝදර පුරවැසියාට සලකන්නේ කෙසේද? පොඞ්ඩක් හිතන්න අපට අහිමිවූ මෙන්ම ඔවුනටද පසුගිය කාලයේ නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අහිමිවිය. දුෂණය වංචාව ඔවුන්ගේද විරෝධයට හේතුවිය. මානව ගරුත්වය අපට මෙන්ම ඔවුන්ටද අහිමි විය. එසේම අපට වඩා ඔවුනට අහිමිවූ බොහෝ දේ ඇත. අභිමානණය, ගෞරවය, නිදහස ජීවිතය බලාපොරොත්තු, මේ සියල්ල විදේශ ගත ඔබට ලැබිය හැකිව තිබියදී අපේම රටේ උපන් දෙමළ  ජනතාවට ඒවා අහිමි විය. අපට විදේශ රටවලදීත් ලබා ගත හැකිදේ අපේම රටෙ උපන් පිරිසකට ලබා දීමට අප විරුද්ධ වන්නේ ඇයි? ඔබ ඔබගෙන්ම ප‍්‍රශ්න කරන්න.

Teatasting

 මේ ඡන්ද ප‍්‍රථිපලය පූර්ව සමාජ ප‍්‍රජාතන්තවාදී විප්ලවයේ හරය ලෙස තේරුම් ගෙන ලාංකික ජාතියක් ලෙස සහෝදරත්වයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරමින් රට ගොඩ ගැනීමට දායක වන්න. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්දය ලබා ගැනීම සදහා ජනප‍්‍රියම සටන් පාඨය වනු ඇත්තේ රට බෙදීම, උතුර කොටියාට, ජාත්‍යයන්තර කුමන්ත‍්‍රණ ආදිය බව දේශපාලන නාඩි වැටෙන ආකාරයෙන් අපට දැනේ. මෙම නිශේධනීය මතය පරාජය කොට සාධනීය ලංකාවක් ගොඩ නැඟීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් කථා කරන්න. පෙනී සිටින්න. වංචාව, දුෂණ, කොමිස්,හොර මගඩි තරමටම ජාතිවාදයටද එරෙහි වන්න. රට වෙනුවෙන් ඔබට කළ හැකිදේ බොහෝමයි .

”යමක් කරන්නට  ඕනෑය කියන හැඟීම සත්‍යක් වන්නේ සමස්ත නිදහස

 වෙනුවෙන් පෙනී සිටින සටන් කාමියකු වීමෙන් පමණී”.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.