විදේශ ඇමති මාරපන පොලිස්පති පූජිත වෙනුවෙන් පෙනී සිටී

thilak-marapanaඅළුතින් වැඩ භාරගත් විදේශ ඇමති තිලක් මාරපන මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ පොලිස්පතිවරයා සෝපනාකි‍්‍රයාකරුවෙකුගේ කමිස කරෙන් ඇල්ලීම පිළිබඳ සිදුවීමට වඩා ආණ්ඩුවට තවත් බොහෝ දේ කල්පනා කිරීමට ඇති බවයි. විදේශ ඇමතිවරයා කියා සිටියේ මෙය හිංසනයක් බව තමන් නොසිතන බවයි. හිංසනයකින් පුද්ගලයෙක් දැඩිව හානියට පත්වන බවයි මාරපන ඇමතිවරයා පැවසූයේ. එම සෝපානකි‍්‍රයාකරුවාගේ ආත්මගරුත්වයට හා මානසික තත්ත්වයට සිදුවූ අගතිය පිළිබඳව මාරපන ඇමැතිවරයා කල්පනා කරන බවක් පෙනෙන්නට නැත. මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමේ අදහසක් නොමැති බවයි මාරපන ඇමතිවරයාගේ ප‍්‍රකාශනයෙන් ඉඟි කෙරෙන්නේ. තිලක් මාරපන නීතිපති තනතුරු දැරූ සමයේ මානව හිමිකම් යටපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක්ම ඔහුට එරෙහිව නැගී තිබුණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.