විදේශ සේවයේ දේශපාලන පත්වීම් වලට රැකවරණ

downloadloe

 

 

විදේශ සේවයේ දේශපාලන පත්වීම් ආපසු කඳවන බව ප්‍රකාශයට පත් වී තිබුනත් තෝරා ගත කීපදෙනකුට රැකවරණ ලැබී ඇති බව වාර්තාවේ.

 

ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටියදී ගැටළු ඇති කරගත් හෙයින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට යවනු ලැබූ බන්දුල ජයසේකර සහ යෝෂිත රාජපක්ෂ ගේ පෙම්වතිය වූ යසාරා අබේනායක තවමත් ආපසු කැඳවා නැත.

යසාරා දැනට සේවය කරන්නේ සිඩ්නි නුවරයි.ආණ්ඩුවේ දුෂණ හෙළිදරව් කිරීමට සුදානම් ව සිටියදී ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට යැවුණු ලක්ෂ්මන් හුළුගල්ලෙත් ආපසු කඳවා නැත.

ලැබුවන්  තානාපති  සේවයේ යේදී  සිටියදී දේශපාලන කටයුතු වල යෙදීම  වරදක් වුවත් පසුගිය මැතිවරණ සමයේදී  දේශපාලන පත්වීම් ලැබුවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට

රජයේ වියදමින් පැමිණ ප්‍රචාරණ කටයුතු වල නිරත වුහ.

මේ පිළිබඳව විමර්ශන පවත්වා වැරදිකරුවන් සම්බන්ධයෙන් පියවර ගත යුතුව ඇතත් විදේශ අමත්‍යංශය එව්නකට සුදානම් බව පෙනෙන්නට නැත.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.