විධායක සභාවෙන් පෙරළිකාර තීන්දු රැසක් -අනුර කුමාර කියා සිටී.

kumaae

ජනතා විමුක්ති පෙරමුණේ දිගු කාලීන ඉල්ලීමක් වූ අල්ලස්  කොමිසමේ සභාපති වරයා ඉවත් කිරීමට එකඟතාවක් ඇතිවූ බව නායක අනුර කුමාර දිසානායක මහතා කිය සිටී..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් අනුව ජාතික විධායක සභාව පිහිටැවිණි. එම කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අනුර දිසානායක, චම්පික රණවක, සරත් ෆොන්සේකා, ආර්  සම්බන්ධන්, රවුෆ්  හකීම්, රිෂාද් බදුයුදීන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.

 

ඡන්ද ප්‍රතිපල නිකුත් වූ රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ සිදුවූ බව කියන  කුමන්ත්‍රණය පිළබඳව විමර්ශනයට  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කොට සතියක් ඇතුලත වාර්තාවක් ලබා ගැනීමට තීරණය  වී තිබේ.

[vsw id=”/njHIKlCgfn0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

. ‘යුද්ධෙන් පස්සේ උතුරේ  වාහන, දේපළ, රත්තරන්වලට මොකද වුණේ කියා සොයාන්නත් තීරණයක් ගත්තා’ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දින වකවානු පිළිබඳව තීරණය කළ බවත් මහජන ධනය කොල්ලකෑම, පුද්ගල ඝාතනයන්, පැහැරගෙන යෑම් සහ පහරදීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් වැරදි කරුවන් නීතිය හමුවට ගෙන ඒමට තීන්දු කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසීය.

මේ තීන්දු නිසියාකාරව ක්‍රියාත්මක වෙතොත් ජාතික විධායක සභාව ජනාධිපතිවරයා ගේ බලය ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාවට  නංවන විශ්වසනීය යාත්නයක් ලෙස ජනතා පිළිගැනීමට ලක්වෙනු ඇති බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.