විනාශය වැලකු පොලිස්පති සහ මැකො ට චම්පික ගෙන් උත්තමාචාර

champika

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහින්ද රාජපක්ෂ ගේ ක්‍රියා කලාපය දැඩිව ප්ශ්ණ කරන් බවක් පෙන්නට තිබේ.

‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

පොලිස්පති එන කේ ඉලංගකෝන්
පොලිස්පති එන කේ ඉලංගකෝන්

‘ආරක්ෂක ලේකම්ගේ අනු දැනුමෙන් ව්‍යාජ බොදු සංවිධාන හදා ජාතික හෙළ උරුමය අඩ පණ කරන්න හැදුවත් එය සාර්ථක නොවූ බව ඔහු කියා සිටියේය.

 

‘රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කොතරම් ලජ්ජා සහගතද කියනවා නම් මේ මැතිවරණය සදහා බිලියන 250ක් පමණ ආණ්ඩුව වියදම් කළා. බුලත්කොළ නම නමා බණ කිව්වා.’

රාජපක්ෂ රාජ්‍ය බලය නැතිව තරග කළා නම් ඡන්ද විසි ලක්ෂයකින් පමණ අපි ජයග්‍රහණය කරනවා. මොවුන් වංචා කළ මුදල් ගැන මොවුන් කළ ක්‍රියාමාර්ග ගැන අපි එකිනෙක හෙළි කරනවා.

මැතිවරණය සඳහා ජාවාරම්කරුවන්ගේ මුදල් ගෙන ගියේ හමුදා බෆල් රියවලින්.

මේ අශීලාචාර රාජ්‍ය පාලනය බිඳ දැමීමෙන් ශ්‍රීලනිප අලුත් වෙයි.

සියලු අපරාධකරුවන්ට අපි නීතියෙන් දඩුවම් දෙන බව රණවක  ඇමතිවරයා පැවසීය.

මහින්ද හා පවුලේ උදවිය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියැයි කියා කවුරුත් වෛර උපදවා ගන්න එපා. රාජපක්ෂවරුන් ජනතාව රැවටවූ හැටි පසුව හෙළි වෙයි.

අපි  බැඳ දමන්න ගෝඨාභය පොඩි වැඩියි. සමහර අපරාධකාරයන් රට හැර ගිහින්. නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියි.

මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.