විනිසුරු ආරක්ෂක මිනීමැරුමේ සැකකරු පොලීසියේ

police custodyයාපනයේ විද්‍යා ඝාතන සිද්ධියේ නඩු විභාගය සිදු කරන ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික මහාධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂාවට ගමන් ගත් පොලිස් සැරයන්වරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු සිවරාසා ජයන්තන් පොලීසියට භාර වී ඇත.

මොහු 1998 වසරේ සිට 2004 යන හය වසර තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකුව සිටි බවට අනාවරණය වී ඇත. එම කාලසීමාවේදී එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අවි පුහුණුවීම්වලටද මොහු සහභාගි වී ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරා මෙකී තොරතුරු ඊයේ (24දා) පොලිස් නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

මීට අමතරව මෙම ප්‍රධාන සැකකරුට 2012 වසරේදී කෝපායි ප්‍රදේශයේදී පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට යාපනය මහාධිකරණයේ නඩුවක්ද විභාග වන බව පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත. එම ඝාතනයද මෙම ප්‍රධාන සැකකරු ඇතුළු 8 දෙනකු එක්ව සිදු කොට ඇති බවත් පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සහෝදරයා සහ ඥාති සහෝදරයාටද කෝපායි ඝාතන සිද්ධියට චෝදනා එල්ල වී ඇති බවද පොලිසිය පවසයි. මෙම ප්‍රධාන සැකකරු කෝපායි පුද්ගල ඝාතනයට 2012 වසරේදී මාස 7ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බවද පොලිසිය පවසයි.

මෙම ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය හා උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
ප්‍රධාන සැකකරු 39 වියෙහි පසුවන විවාහක තැනැත්තකු බවත් ඔහු වෘත්තීය ලෙස බස් රියැදුරකු වශයෙන් කටයුතු කරන බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත. නල්ලූර් ප්‍රදේශයේ දෙවැනි කසාද බිරිය සමඟ ජීවත් වන ඔහු මෙම සිද්ධියෙන් අනතුරුව ඒ අසල කාන්තාවක් සතුව තිබූ යතුරුපැදියක් පැහැරගෙන පලා ගොස් තිබිණි.

යාපනයේ නල්ලුර් කෝවිල අසලදී පිස්තෝලකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් (24330) හේමචන්ද්‍ර මහතා සිහි කිරීම සදහා යාපනයේ තරුණයින් විශාල පිරිසක් පොලිස් සැරයන්වරයාට වෙඩි වැදුණු ස්ථානයේ පහන් දැල්වීමක් අද 24 දා සවස සිදු කරණු ලැබීය.

pahan

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.