විනිසුරු ඉලන්චේලියන්ට වෙඩි තැබීම – දෙදෙනෙකු අත්අඩංගුවට

Arrestedයාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ (22) පස්වරු 5 .30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවූ අතර එහිදී මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබී. ඉන් එක් පොලිස් නිලධාරියෙකු අද (23) අළුයම ජීවිතක්ෂයට පත් විය.

මෙම වෙඩි තැබීම මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමක් බවට පොලීසිය සැක පල කරයි. මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම පොලිස් නිලධාරිවරයා මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිට ඇත.

විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර ඔහු අපරාධමය නඩුවලදී දැඩි ලෙස කටයුතු කරන්නෙකු බවට ප්‍රසිද්ධියක් උසුලන බවද වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.