විනිසුරු වීරමන්ත්‍රී නික්ම යයි……………

c g weeramantryහිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. ජී.  වීරමන්ත්‍රී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ටතම විශ්‍රාමික විනිශ්චයකාරවරයා විය ඔහු ජාත්‍යාන්තර අධිකරණයේ විනිසුරුවරයෙක්ද විය. ඔහුගේ 90 වෙනි උපන් දිනයට දින කීපයකට පෙර www.lankanewsline.com සමඟ කථා බහකට එක්වුනු හිටපු විනිසුරුවරයා පැවසුවේ නීතිය සහ ආගම අතර දැඩි සම්බන්ධයක් ඇති බවයි.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් එතුමන් පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වය යනු එකම අතකට පමණක් රථ වාහන පදවිය හැකි මාවතක් ලෙසින් විනිශ්චයකාරවරුන් මත පමණක් රඳා පවතින්නක් නොවන බවයි. ස්වාධීන විනිශ්චයකාරවරුන් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන රාජ්‍යයක්ද ඒ සඳහා අවශ්‍ය වන බව පෙන්වාදීමට විනිසුරු වීරමන්ත්‍රී නිර්භය විය. ඇමරිකාව ඉරාකයට එල්ල කළ ප්‍රහාරය සාධාරණ එකක් නොවන බව කියා පෑමටත් ඔහු පසුබට නොවීය.
සරල නිරාහංකර දිවිපෙවතක් ගත කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජේ සී වීරමන්ත්‍රී ශ්‍රී ලංකා නීතී ක්ෂේත්‍රයට පහන් ටැඹක් විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.