විපක්ෂයත්-ෆොන්සේකාත් විග්නේෂ්වරන්ට විරෝධය පළකරති

downloadnimal

විග්නේශ්වරන්ගේ යෝජනාව වහාම අස්‌ කර ගත යුතුයි

– විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 

දෙමළ ජනතාවට එරෙහිව සිදු කෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදු කළ යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ගෙනා යෝජනාව වහාම ඉල්ලා අස්‌ කර ගත යුතු යෑයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

මෙවැනි යෝජනා ගෙන ඒම පළාත් සභා විෂය පථයට අයිති නැති දෙයක්‌ බවද විපක්‍ෂනායකවරයා කියා සිටී.දෙමළ ඩයස්‌පෝරාවේ පදයට නැටීමට කවුරුන් හෝ සූදානම් වුවහොත් ඉදිරියේදී කෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනයකදී පළාත් සභා ක්‍රමය පිළිබඳව තවදුරටත් පුළුල්ව සිතන්නට වනු ඇතැයි ද විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙයි.

දෙමළ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට බලය බෙදා හැරීමට තමන් එකඟ නමුත් බෙදුම්වාදය ශක්‌තිමත් කෙරෙන කිසිදු යෝජනාවක්‌ පිළිගැනීමට තමන් සූදානම් නැතැයි විපක්‍ෂ නායකවරයා කියා සිටී.

ජාතික සංහිssඳියාව, ජාතික සමඟිය පිළිබඳව කතිකාවතක්‌ ඔස්‌සේ රටේ ප්‍රශ්න විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරද්දී රණවිරුවන් යුද අධිකරණයට ගෙන යන මෙවැනි යෝජනා ගෙන ඒම කිසිසේත්ම පිළිගත නොහැකි යෑයි විපක්‍ෂ නායකවරයා අවධාරණය කර සිටී.

බස්‌නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, කර්මාන්ත සහ සංස්‌කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස ගාමිණි තිලකසිරි මහතා වැඩ භාර ගැනීම ඊයේ (12 වැනිදා) බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරුණු අතර එම අවස්‌ථාවේදී විපක්‍ෂ නායකවරයා ඉහත අදහස්‌ පළ කළේය.

ජාතිවාදය වපුරා වාසි ගැනීමට තැත් කිරීමක්‌

 

 

sssss

 

 

ජෙනරාල් සරත් ෆොන්සේකා 

ජනතාව අතර යළි ජාතිවාදය සහ භීතිය ඇතිකර දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරනවානම් උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා සදාචාරාත්මක දේශපාලකයෙක්‌ නොවේ යෑයි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා  ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන කාලයේ සිදුවූ ජන සංහාරයන් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු බවට විග්නේෂ්වරන් මහතාගේ මූලිකත්වයෙන් උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් බව කියන යෝජනාව සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෙෆොන්සේකා මහතාගෙන්  කළ විමසීමකදී ඒ මහතා මෙසේද කීය.

විග්නේෂ්වරන් මහතා එසේ කටයුතු කිරීම සාධාරණ නෑ. ජනතාවට වැරැදි අදහස්‌ ලබාදී වාසි ගන්නවානම් විග්නේෂ්වරන් මහතා වැරදියි. මම ඒක ඔහුට මතක්‌ කර දෙනවා.

ගොඩබිම යුද්ධය මමයි සැලසුම් කළේ. යුද්ධයට අදාළ සංකල්පනා හැදුවේ මම. මගේ යටතේ සිටින සේනාංකවලට අණදුන්නේ මම. පහළ මට්‌ටමේ නිලධාරියා දක්‌වා මා අණ දුන්නා. මම මේ සටන නිරීක්‍ෂණය කරමින් සෑම දෙයක්‌ම ඉතා හොඳින් පාලනය කළා. එනිසා මම දන්නවා මහා පරිමාණ මිනිස්‌ ඝාතන සිද්ධි වුණේ නෑ.

සිවිල් ජනතාව රැක ගැනීමට අපි මූලිකත්වය දුන්නා. දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක්‌ විතර අහිංසක ජනතාව ත්‍රස්‌තවාදීන් සිරකරගෙන සිටියා. අපි ඒ අය බේරාගත්තා. යුද්ධයකදී සිවිල් ජනතාවට දේපළවලට යම් හානියක්‌ වීමේ ඉඩකඩ තියෙනවා. ඒක ලෝකයේ ඕනෑම තැනක පිළිගන්නා කරුණක්‌. ඒත් අපි එය අවම කර අපේ ආරක්‍ෂාවත් අවධානයට ලක්‌කර සද්භාවයෙන් ඒ ජනතාව ආරක්‍ෂාකර ගත්තා.

විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා යළි භීතිය, ජාතිවාදය ජනතාව අතර ඇතිකර වාසි ගන්නවානම් ඔහු සදාචාරාත්මක දේශපාලකයෙක්‌ නොවේ. මගේ කනගාටුව අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරනවා. උතුරේ ජනතාවගේ ආරක්‍ෂාව, ඔවුන්ගේ සිතුම් පැතුම් ගැන විග්නේෂ්වරන් මහතා අවංකවම හිතනවා නම් දකුණේ ජනතාවගේ සිත්වල සැකසංකා ඇතිවන ප්‍රකාශ නොකිරීමට වගබලාගත යුතුයි. ඒ පාඩමත් ඔහු ඉගෙන ගන්න ඕනෑ. මම ගෞරවයෙන් මතක්‌ කරනවා එවැනි ප්‍රකාශ කරන්න එපා. එහෙම වුණොත් සංහිඳියාව ගෙන එන්න බැරිවෙනවා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.