විපක්ෂයේ මන්ත්‍රිවරුන් බිලී බා ගන්න සැලසුමක්?

prasanna-ranathungaශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සහ වෙන්නප්පුව ආසන සම්මන්ත්‍රණ 20 වැනිදා පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණ දෙකෙහි විශේෂත්වය වන්නේ යෝෂිත රාජපක්ෂ ඊට සහභාගි වීමය. යෝෂිතට ඊට ආරාධනා කර තිබුණේ සනත් නිශාන්තය.

“අනේ අයියේ මට නම් ඕවට එන්න බැහැ. මම රාජ්‍ය සේවකයෙක්නෙ” යෝෂිත කීවේය.

“ඔයා දැන් රාජ්‍ය සේවකයෙක් නෙවේනෙ. වැඩ තහනම් කරලානේ තියෙන්නේ” සනත් පැවසීය.

“හා හා මං එන්නම්. හැබැයි ඔන්න කතා කරන්න නම් බැහැ. මං කතා කරන්න ගත්තොත් රැස්වීමට ආපු මිනිස්සු දුවයි” යෝෂිත සනත්ගේ බලවත් පෙරැත්ත නිසාම ආරාධනය භාර ගත්තේ එසේ කියමිනි.

ඒ අනුව ඉරිදා දහවල් වන විට ප්‍රසන්න රණතුංග, විමලවීර දිසානායක සනත්ගේ ආරච්චිකට්ටුව නිවෙසට පැමිණ සිටියහ. යෝෂිත ද එහි පැමිණියේය.

“ආණ්ඩුව කෝටි ගණන් සල්ලි දීලා මන්ත්‍රිවරුන් බිලී බා ගන්න යනවා කියලා ආරංචියි” ප්‍රසන්න කීවේය.

“ඔබතුමාටත් කතා කළාද? සනත් වහාම ඇසුවේය.

“මට නම් කතා කළේ නැහැ. මාත් බලන් ඉන්නේ කතා කරනකම් තමයි” ප්‍රසන්න කීවේය.

“ඔයාට නම් කතා කරන එකක් නැහැ. දන්නවානේ ඉතින් කතා කළොත් හොඳවැයින් දෙකක් අහගන්න වෙන බව” යෝෂිත පැවසීය.

“මාත් බලන් ඉන්නේ ඒකට තමයි” ප්‍රසන්න පැවසීය.

“රැස්වීමට පෙරාතුව සනත්ගෙන් පිරිසට ලැවරියා සංග්‍රහයක් ලැබුණු අතර පිරිස යාබද ඉඩමක පැවැති රැස්වීමට සහභාගි වීමට ගියේද පාගමනිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.