විපක්ෂ නායකකම සම්බන්ධන්ට දෙන්න-යෝජනාව ඩලස් ගෙන්

 

93b534e8083bb8d59b52d163f17f31e2_L

ශ්‍රී ලංකා  මිරර් වෙබ්අඩවිය වාර්ත කරන පරිදි:

 

ජාතික ආණ්ඩුවක් සැදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ආරාධනය පිළිගනිමින්, නව රජයට සහය පල කලයුතු බවත්, එහිදී විපක්ෂ නායක ධුරය දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට ලබාදිය යුතු බවත් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

නව ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ දී ඇතිවූ එකඟතාවයෙන් පසුව අලහප්පෙරුම මන්ත්‍රීවරයා එසේ පවසා තිබේ.

කෙසේවුවද ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ මතයවී ඇත්තේ, නව රජයට සහය දෙන අතරම විපක්ෂ නායක ධුරය  නිමල් සිරිපාලද සිල්වා මහතාට ලබාදිය යුතු බවයි.

මහින්ද සභාපති ධුරයෙන් ඉවත්වේ !

මේ අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී පැවති සාකච්ජාවේදී එකඟතාව පළ කර ඇත. එම සාකච්ජාවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුද සහභාගී වී තිබේ.

ජනධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි කටයුතු සඳහා පූර්ණ සහාය ලබාදීමට ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී එකඟත්වය පළ කර ඇත.

නාමල්, යෝෂිත හා රෝහිත යන තම දරුවන්ට අනවශ්‍ය හිරිහැර නොකරන ලෙසත්, ඉදිරි මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දෙන ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඉල්ලා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.