විපක්ෂ නායක සම්පන්තන්මයි

R. Sampanthanපාර්ලිමේන්තුවෙහි විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ එක්ව අරගල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මේ ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ, මෙන්ම දෙමළ ජාතික සන්ධානය එකඟ නොවනු ඇත.  මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බවයි.

පාර්ලිමේන්තු බල සංතුලනයේ වෙනසක් නොවී තිබියදී විපක්ෂ නායක තනතුර වෙනස් කරන්නේ කුමකටදැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.