විපක්ෂ නායක සිරිපාල ගෙන් මැසිවිල්ලක්

 

downloadnimal

මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බව  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී පැවසීය.

දැනට  හෙලිදරව් වී තිබෙන තොරතුරු වලට අනුව රාජපක්ෂ නැවෙන් මුළින්ම එළියට පැනීමට සුදානම්ව සිටීයේ සිරිපාල ද සිල්වා  ඇමතිවරයාය එහෙත් අගමැති කම පොරොන්දු වීමෙන් අනතරුව ඔහු කකුල ආපස්සට ගත්තේය.

මේ අනුව බලන් කොට ඔහුට ජනාධිපතිකම සහ අගමැතිකම යන පදවි දෙකම අහිමී වීඇත.

මේ දිනවලතමා  කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ නිලතල රැක ගැනීමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (08) පැවසීය.

තමන්ගේ ප්‍රධාන ඉලක්කය ජනාධිපති බලතල වලින් පක්ෂය ශතිමත් කර ගැනීම බවයි විපක්ෂ නායකයා කියා සිටින්නේ.

‘මෛත්‍රීපාල ජනපති එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැක ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ යුතු කමයි. සතුරාගේ උපක්‍රමවලට හසු නොවී, ආවේගශිලී නොවී, කල්පනාකාරීව දේශපාලන ගමන යා යුතුයි.

ශ්‍රිලනිප උපදේශක සභාවේ චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සභාපති. සරත් ෆොන්සේකා ජවිපෙ හා එජාපය  වෙන් වෙන් වශයෙන් මහ ඡන්දය ඉල්ලන නිසා අපේ ජය ස්ථිරයි.යැයි ඔහු පැවසීය.

චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග එකට ගමනක් යෑමට උත්සාහ කිරීම අශ්වයින් දෙදෙනෙක් පිට එකවර ගමන් කිරීමට උත්සාහ කිරීම හා සමාන විය හැකිය.

නව ජනපතිගේ දින සීයයයේ වැඩට සහාය දෙන්නේ  විවේචන ද සමඟ බව ඔහු කීවේය.එහෙත් දේශපාලනමය වශයෙන් වැදගත් වන විවේචනයක් කිරීමට සිරිපාල සහ සමාගමට හැකිවේද යන්න ප්‍රශ්නයකි.මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිරාපත් වී ගොසිනි.පක්ෂය දේශපාලන වශයෙන් වැදගත් වීමට නම් පුර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතුව ඇත.එහෙත්

දැනට එවැන්නක් කිරීම අසීරු වී ඇත්තේ බොහෝ ප්‍රබලයින්ගේ අත් දුෂණයෙන් කිලිටි වී ඇති හෙයිනි.

.‘

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.