විමල්ගෙන් අලුත් සින්දුවක්

wimal weerawansaපවතින ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව ප‍්‍රවේශයකින් කටයුතු කරන්නේ නම් පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මඟින් ක‍්‍රියාත්මක වන මේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාදාමයට අත්වැල් ගායනා කරන සර්වපාක්ෂික සමුළුවකට සහභාගි වීමට කිසිසේත්ම සුදානම් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

පවතින ක‍්‍රියාදාමය නවතා නැවත අලූත් ප‍්‍රවේශයකින් මේ වැඬේ ආරම්භ කරමු යැයි ජනාධිපතිවරයා අදාල අංශවලට යෝජනා කළ යුතු යැයි ද වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.