විමල්ගේ ලේ පරීක්‍ෂාව පිටතින් කළ හැටි සොයන්න බුද්ධි අංශ පරීක්‍ෂණ

wimal-sickබන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ රුධිර සාම්පලයක්‌ බැහැරට ගෙන ගොස්‌ පෞද්ගලික රසායනාගාරයකින් පරීක්‌ෂා කළේ කෙසේ දැයි සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය ඊයේ (27 දා) පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත. බන්ධනාගාර කොමසාරිස්‌ නිශාන් ධනසිංහ මහතාට ලැබුණු පැමිණිල්ලක්‌ මත මෙම පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.

මෙම රුධිර සාම්පලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මඟින් බන්ධනාගාර රෝහලෙන් පිටතට ගෙන යන්න ඇතැයි සැක කරන බව බන්ධනාගාර ඉහළ නිලධාරියෙක්‌  පැවසීය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක්‌ සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක්‌ කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස්‌ හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යෑවීම නිසි ක්‍රමවේදය බවත් එම නිලධාරියා කියා සිටියේය.පෙරේදාට (26 දා) වඩා මේ වන විට විමල් වීරවංශ මහතාගේ තත්ත්වය යහපත් බවත් එම නිලධාරියා කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.