විමල්ට කඳුළුවල වට්නාකම තේරෙන්නේ නැතිද?

wimal weerawansaඔබේ අහිංසක දරුවෙක් පහර ගෙන ගොස් කප්පම් ඉල්ලා පසුව මරා දැමුවහොත් ඔබට කෙසේ දැනෙනු ඇත්ද. එවැන්නෙක් හදුන්වාදීම සඳහා ඔබ රණවිරු ලේබලය භාවිතා කරන්නේද? මේ මාපියන් කියා සිටින්නේ නාවික හමුදා නිලධාරීන් තම දරුවන් පැහැර ගෙන ගිය බවයි. ඔවුන් කැලෑ නීතිය භාවිතා කොට මේ නිලධාරීන් එල්ලුම් ගස් යවන ලෙස ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලා සිටිනේනේ නීතියේ පිලිසරණයි එසේ නම් රණවිරු දඩයමක් ගැන කියමින් ඔවුන්ට නීතියේ පිළිසරණ ලබා ගැනීමට තිබෙන ඉඩකඩ අහර ලන්නේ මන්ද?

නාවික හමුදාවේ ඝාතක කල්ලියක් විසින් සිංහල දෙමළ මුස්ලිම් සිසු දරුවන් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක අත් අඩංගුවට ගැනීම ‘රණවිරු දඩයමක්‘ බවත් ‘සිසුන් එල්ටීටීඊ කාරයන්‘ බවත් විමල් වීරවංශ පවසයි.

සිසුන්ගේ දෙමාපියන් විසින් මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

ඊට සහභාගී වූ එක් පියෙක් හිටපු හමුදා නිලධාරියෙකි. සිංහල ජාතිකයෙකි. එක් දරුවෙකුගේ මවක් වූ සරෝජිනී නාගනාදන්මහත්මිය විවාහ වී ඇත්තේ සිංහල අයෙකු සමග ය. තම දරුවා නිදහස් කිරීමට රුපියල් කෝටියක් ඉල්ලූ බව කී ඇය ඒ සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති ෆීලික්ස් පෙරේරාට කී විට ෆීලික්ස් පෙරේරා දුරකථනයෙන් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අමතා දරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි බවද ඇය කීවා ය. ෆීලික්ස් පෙරේරා ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට නිකුත් කළ ලිපියක් ද ඇය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා ය.

විමල් වීරවංශට පිලිතුරු දුන් තවත් මවක් වූ ජෙනීෆා වීරසිංහ මහත්මිය කියා සිටියේ මේ පිලිබඳ නඩුවක් දැම්මේ 2009 දී බවයි. එදා කොටි නොවූ ලමයි අද කොටි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඇය සත්‍ය වශයෙන්ම තමන්ගේ දරුවා කොටියෙක් නම් තමා මේ නඩුවෙන් ඉල්ලා අයින් වෙන බවද කීවා ය.

ඩී.කේ.පී දසනායක අත් අඩංගුවට ගැනීමෙන් පසු වීරවංශට මේ අය රණවිරුවන් ලෙසත් ඝාතනය කළ දරුවන් කොටින් ලෙසත් පෙණුනද මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් පැමිණිලි කර ඇත්තේ හිටපු නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩ විසින්ම ය. ඒ සම්බන්ධයෙන් 2009 දී කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන ලද බී/732/2009 දරණ බී වාර්තාව සාක්කි දරයි.

එම මුල් පැමිණිල්ල කර ඇති වසන්ත කරන්නාගොඩ පවසා ඇත්තේ මෙම සිසුන් පැහැරගත් ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයාව සිටි ලුතිනන් කොමාන්ඩර් සම්පත් මුණසිංහ එල්ටීටීඊට සමග සම්බන්ධදැයි සොයා බලන ලෙසයි. එපමණක් නොව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙන යන්නැයි එවක ආරක්ෂක ලේකම් වූ ගෝඨාභයද එවක රහස් පොලිසිය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාට උපදෙස් දී තිබේ. එයද එකී බී වාර්තාවේ ම සඳහන් වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.