විමල්ට හොරු ඇල්ලීම ගැළුවක්-අළුත් චෝදනා

ව්‍යවස්ථාදායක සභාවට  ඇමතිවරු වෙනුවට මන්ත්‍රීවරු පත් කිරීම,විශ්වාස භංග යෝජනා විවාදයට නොගැනීම,ජාතික කොඩියේ භාවිතාව ආදී ප්‍රශ්න ගනනාවක් ඇති බව විමල්ට කියා සිටී.

 

 

‘එක පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුව වනන ගමන් අනෙක් පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වලලා දැමීමත් අද සිදු වෙනවා, කියලා කියන්නේ අපි නොවෙයි’ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමායි. හංසයාට ඡුන්දය දීපු කෙනෙක් හැටියට මේ ඊනියා යහපාලන ආණ්ඩුවට මාස 3 1/2ක් ගත වන කොට එතුමා කියනවා. ‘අගමැතිවරයා විසින් පොලිස්පතිවරයාගේ බලතල සියතට ගෙන මෙහෙයවන මූල්‍ය අපරාධ කොට්ඨාසයක් තියෙන්න බැහැ. කියලා. එවැනි පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කරලා තිබෙනවා පමණක් නොවෙයි ඒ අය දිනපතාම විපක්‍ෂයේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල අය දඩයම් කිරීමෙහි නියැලෙනවා.

එක් පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුව වනන ගමන්, අනෙක් පැත්තෙන් තෝරා ගත් පිරිසක් ඉලක්ක කරගෙන උග‍්‍ර මර්දනකාරීත්වයක් ගෙන යනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමියට ලබාදී තිබෙන ඉලක්කය, ‘දින 100යි, නඩු 10යි’ කියන එකයි. නඩු 10 දාන්න ඕනෙ අයගේ නම් ටිකත් මේ ඊනියා යහපාලකයන් විසින් ලබා දී තිබෙනවා

wimalww

 

[vsw id=”/QwKYkl9D09M” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

හිටපු ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇමතිව සිටියදී ඉකුත් ජනාධිපතිවරණය අතරතුර රුපියල් ලක්ෂ 140ක් වටිනා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තා වේ.

මේ ටෙන්ඩරය ලබාදී ඇත්තේ ඉමාෂි ප්‍රකාශන නැමැති වීරවංශ මහතාගේ කිට්ටු හිතවතෙකුගේ මුද්‍රණාලයකට බව පැවසේ.

රුපියල් මිලියනයකට වැඩි ගණුදෙනු සදහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළයුකුවුවත් මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර නොමැති බවද වාර්තා වේ.

එසේම අති විශාල ප්‍රමාණයක් දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇති බවට මුදල් ගෙවා ඇතත් එවැනි ප්‍රමාණයක් දිනපොත් මුද්‍රණය කර නොමැති බවද පැවසේ.

ඉමාෂිට මේ මුදල සම්පූර්ණයෙන් ගෙවා ඇත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ පැවැති සී/ස ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම විසිනි.

එම සමාගම අදාල මුදල ගෙවා ඇත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අතිරේක ලේකම් බී.ජී.එස්. ගුණතිලක මහතා විසින් 2014/12/23 දිනදා කරන ලද ලිඛිත දැනුම්දීමකට අනුවය.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.