විමල් ගෙන් ඈත් වෙන්න-මහින්දට අවවාදයක්

 

 

wimal-mahinda

විමල් වීරවංශ ගේ ගැට වලට අසු නොවන සේ හිතවතුන් පිරිසක් මහින්ද රාජපක්ෂට  අවවාද කොට තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී  තමන්ටත් තම පක්ෂයටත්  වේදිකාවක් ගොඩ නගා  ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ

භවිතා කරන බවයි හිතවතුන් පෙන්වා දෙන්නේ.

 

මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා යැයි කියමින්  රට පුරා ‍රැළි පවත්වාගෙන ගියද රාජපක්ෂ මහතාට ශ්‍රී ලනීපයෙන් කිසිදු අවස්ථාවක් නොලැබෙන බව  හොදින් දනිතත් ඒ ඔස්සේ තමන්ට දේශපාලන ඉඩක් ලබාගත හැකි නිසා මහින්දට වන හානිය නොතාකා වීරවංශ කටයුතු කරගෙන යන බවයි මහින්ද ගේ හිතවතුන් කියා සිටින්නේ.

 

දැන් කල හැකි හොඳම දේ සිරිසේන මහතා හාහැ කතා කොට ප්‍රශ්න ගොඩින් බේරා ගැනීම බවත් ඉදිරියේදී පවතින  ආණ්ඩුව අප්‍රසාදයට පත් වන අවස්ථාවක් බලා යළිත් දේශපාලනයට පිවිසිය හැකි බව මේ පිරිස පෙන්වා දෙති.

 

imagewimalllll

විමල් විපක්ෂ නායකයා වීමට

තවත් පිරිසක් කියා සිටින්නේ විමල් විපක්ෂ නායකයා වීමට උත්සාහ ගන්නා බවයි ශ්‍රීලංකා නිදහස් පක්ෂය ක්‍රමයෙන් ජාතිවාදයෙන් ඈඅත්වෙමින් සිටින හෙයින් ඒ ඇතිවෙන රික්තයට ආමන්ත්‍රණය කිරීම තුලින් තුන්වෙනි තැන ලබා ගෙන විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ ඉඩක් ඇති බව තම පාක්ෂිකයින්ට ඇඟවීමට විමල් උත්සාහ කරන බව දැනගන්නට තිබේ.

ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලනීප කණ්ඩායමට එජාපය හා එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම අනිවාර්‍ය කටයුත්තක් වන අතර එහිදී විපක්ෂය ලෙස තුන්වෙනුව වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂයට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින් බව විමල් තම පාක්ෂිකයින්ට මෙන්ව දීමේ උත්සාහයක නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

විපක්ෂ නායකයා වීම සඳහා වීරවංශට තරගයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සමඟය. බොහෝ විට දෙමළ ජාතික සන්ධානයද ජාතික ආණ්ඩුවට සහය පළ කරනු ඇත. ඒ අනුව ජවිපෙ හා ජනිපෙ හෝ ඔවුන්ගේ ප්‍රමුඛත්වයෙන් ගොඩ නැ‍ඟෙන නව පෙරමුණ අතර දැඩි තරගකාරිත්වයක් මතු වූනද රාජපක්ෂ මහතාගේ සහය වීරවංශ මහතාට ලැබීම මත ජවිපෙ අභිබවා යෑම වීරවංශට එතරම් අපහසු නොවන බව එම පක්ෂයේ මතය වී තිබේ. ජවිපෙට තනිවම තරගකර ආසන 5 කට වඩා දිනා ගත නොහැකි බව ඔවුන්ගේ තක්සේරුව වී ඇත.

මෙහිදී ශ්‍රී ලනීපයේ ඡන්ද පදනම දෙකඩ කර එජාපයට වාසී සහගත් තත්වයක් ඇති කිරීම මඟින් එජාපය බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ජය ගැනීම ඉදිරියේදී වීරවංශ මහතාට දැඩි ආණ්ඩු විරෝධි විවේචකයකු ලෙස ගොඩ නැගීමට ඉතා පහසු බවද පක්ෂය තුල සාකච්ඡාවට බඳුන් වූ බවයි ආරංචි වන්නේ.

කෙසේ නමුත් වෙන්ම පෙරමුණකින් තරග වැදීම එම නුගේගොඩ සන්ධානයේ දිනේෂ් ගුණවර්ධන මහතා කැමැත්ත පළ කර නැත. ඔහු ශ්‍රී ලනීපය හා එක්ව තරග කිරීමට අවසන් මොහොත දක්වා උත්සහ කළ යුතු බව පවසා ඇත.එහෙත් ශ්‍රී ලනීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගුණවර්ධන මහතා ශ්‍රිලනීපය හා තරග කිරීමට එකඟව ඇති බවය.මේ හුදෙකලා වීම මැද්දේ විමල්ට නව මගක් ගැන සිතීමට සිදුව ඇත.

තමන් තව දුරටත් වීරවංශ මෙහෙයුමේ කොටස්කරුවෙක් නොවන බව ප්‍රකාශයක් කරන්නැයි මහින්ද ගේ හිතවතුන් ඔහුගෙන් ඉල්ලා ඇති බවත් වාර්තාවේ.

mahinda advised to stay away from wimal

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.