විමල් ගේ නෝනාට උපන් දින දෙකක් -රංජිත් මද්දුම බණ්ඩාර

ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන නිතර කථා කරන විමල් වීරවංශ මහතාතගේ බිරිඳ ගේ ගමන් බලපත්‍රය ගැන රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයා කල හෙළිදරව්ව


weera

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ජනප‍්‍රිය හා කැපීපෙනෙන කසකාරයකු වූයේ හිටපු අමාත්‍ය විමල් වීරවංසය. ඔහු මහින්ද රාජපක්ෂගේ පෙරහැර වෙනුවෙන් වඩා වේගයෙන් හා ශබ්දයෙන් කස පිපිරෙව්වේය. ඒ කස හඬෙහි බොහෝවිට තිබුණේ මහින්ද රාජපක්ෂට අභියෝග කරන්නවුන්ට එරෙහි බොරු, බේගල් හා අපහාසයන්ය.

දෙදහස් දහය වසරේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් දිනයේ රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගනිමින් ඔහු ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡන්දය දීමට නියමිතව සිටි පිරිස් අධෛර්යමත් කිරීම සඳහා බේගලයක් ඇදබෑවේය. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකා එම මැතිවරණයට අදාළ ඡුන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නැති නිසා ඔහු ජනාධිපතිවරණයෙන් ජයගත්තද ඔහුට ජනාධිපති ධුරය දැරිය නොහැකි බවය.

රටේ පවතින නීතිය අනුව ඡන්ද හිමි නාමලේඛනයේ යමෙකුගේ නම ලියාපදිංචි වී නොතිබීම ඔහුට හෝ ඇයට ඡන්ද අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීමට හෝ තේ්රී පත්වීමට බාධාවක් නොවන බව එම අවස්ථාවේදී විමල් වීරවංශ දැන දැනම සඟවමින් බේගල් ඇදබෑවේ විචාරශීලීත්වයක් හෝ එම කරුණ ගැන දැනුවත්කමක් නැති ඡන්දදායකයන් රැුවටීම සඳහාය.

විමල් වීරවංශගේ බේගලය

විමල් වීරවංශගේ එම බේගලයට අදාළ ජනාධිපතිවරණයෙන් පසු පැවති මහ මැතිවරණය සඳහාද යොදාගනු ලැබූයේ ඔහු බේගල් ඇදබාන ලද ඡන්ද හිමි නාමලේඛනයය. එම ලේඛනයේ විමල් වීරවංශද ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වී සිටියේ නැත. එහෙත් ඔහු මහ මැතිවරණයට තරග කළේය. ඉන් ජයග‍්‍රහණය කළේය. ඔහුගේ මන්ත‍්‍රී ධුරයට ඡුන්ද හිමි නාමලේඛනයේ නම නොතිබීම ප‍්‍රශ්නයක් වූයේ නැත.

මෙවර ජනාධිපති වරණයේදීද ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කොටි ගිවිසුම්හි සිට විවිධ බේගල් ඇදබෑවේය. ‘සිරිසේන සිරිසේනයැ’යි ආමන්ත‍්‍රණය කරමින් ඡන්ද දිනයේදී ක‍්‍රියාවට නැංවීමට තිබූ සිරිසේන නම් වූ වෙනත් අපේක්ෂකයකු ඉල්ලා අස්වීමට අදාළ පූර්ව සැලසුමක් වෙනුවෙන් ජනතාවද ගොනාට ඇන්දවීමට කටයුතු කළේය.

මේ ආකාරයට විමල් වීරවංශ විසින් මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂට විරුද්ධ පිරිස්වලට එරෙහිව ඇදබාන ලද බේගල් සංඛ්‍යාව අතිමහත්ය. ඔහුගේ බේගල් මතකයට නංවන්නට වූයේ වෙන කිසිවක් නිසා නොව ඒ හරහා ඔහු අත් කරගත් යසස ගැන අවබෝධයක් ලබාගන්නටය. එදා ජවිපෙ විප්ලවවාදී දේශපාලනය නිසා සීගිරියටවත් යන්නට නොහැකිව සිටි ඔහුට නිවාඩු ගතකිරීම සඳහා සිය පවුල පිටින්ම ඇමරිකාවේ ඩිස්නිලන්තයට යෑමට හැකියාව ලැබුණේ එම බේගල් ඔස්සේ ලැබුණු මොනයම් හෝ වරදාන හේතුවෙන්ය.

තමා සතුව පැවතියේ කුඩා කොමියුනිකේෂනයක් සහිත පර්චස් ගණනක ගොඩනැගිල්ලක් බව පැවසූ ඔහුට හෝකන්දර මාලිගාවක් ඉදිකිරීමට වරම් ලැබෙන්නේ ආශ්චර්යය කින්ම විය යුතුය. ඔහුගේ එම ආශ්චර්යය තුළ විශේෂයෙන්ම කියවුණු නමක් වූයේ ඔහුගේ බිරිඳ ශෂී වීරවංශය. යුද සමයේදී යුද්ධය උත්කර්ෂයට නංවමින් විමල් වීරවංශ කෑමොර දෙනවිට නැගුණු චෝදනාවක් වූයේ ශෂී වීරවංශ හමුදාවට ජීවිත ආරක්ෂක කබා සපයන සමාගමක නිල නොවන හවුල්කාරියක බවය. ඔහු ඇය ඇතුළු ඔවුන්ගේ පවුල නිවාඩුවට ඩිස්නිලන්තයට යමින් ගතකරන සුඛෝපභෝගී ජීවිතයට මුදල් ලැබෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය තවමත් ඉතිරි වී ඇත. මෑතකදී දැඩි කතාබහට ලක්වූ සලාකා රැජිනෝ සමාජ ශාලාව පොලිසිය වැටලීමේ සිද්ධියේදීද ශෂී වීරවංශගේ නම කරළියට ආවේ ඇය එම ව්‍යාපාරය සඳහා රුපියල් මිලියන 150ක මුදලක් ආයෝජනය කර ඇති බව කියමින්ය.

දැන් නැවතත් ශෂී වීරවංශගේ නම අපට සම්මුඛ වී ඇත්තේ ඇය සතු විදේශ ගමන් බලපත් පිළිබඳ ප‍්‍රශ්නයක් මුල්කර ගනිමින්ය. අපට ලැබී තිබෙන ආගමන හා විගමන දෙපාර්ත මේන්තුවෙන් තහවුරු කරගත් තොරතුරු අනුව ඇය සතුව විදේශ ගමන් බලපත් දෙකක් ඇත්තේය. එකක් N වර්ගයේ සාමාන්‍ය ගමන් බලපත‍්‍රයක්ය. අනෙක D වර්ගයේ රාජ්‍යතාන්ත‍්‍රිකව ලබාදෙන ගමන් බලපත‍්‍රයකි.

මෙහිදී ප‍්‍රශ්නය පැන නැගී ඇත්තේ ඇය සතුව ගමන් බලපත‍්‍ර දෙකක් තිබීම නිසා නොව එම ගමන් බලපත‍්‍ර දෙක සඳහා ඇය විසින් ලබාදී ඇති තොරතුරු එකිනෙකට පරස්පර විරෝධී ඒවා නිසාය.

ඇයගේ N ගමන් බලපත් අංකයN1284124 ය. ඊට අනුව ඇගේ නම ශිර්ජා උදයන්ති වීරවංශය. උපන් දිනය 1967.02.01 දිනය. ජාතික හැඳුනුම්පත් අංකය 675320233Vය. ඒ සඳහා ඇය ඉදිරිපත් කර ඇත්තේ උපන් ස්ථානය වැල්ලම්පිටියයැ’යි සඳහන් අංක 5935 දරන උප්පැන්න සහතිකයය. ලිපිනය වශයෙන් සඳහන්වන්නේ A9, MP’s නිල නිවාස, මාදිවෙලය.
ඇයගේD ගමන් බලපත‍්‍රයේ අංකය D3642817ය. ඊට අනුව ඇයගේ නම රන්දුණු මුදියන්සේලාගේ ෂෙහාසා උදයන්ති රණසිංහය. එහි ඇගේ උපන් දිනය 1971.02.03ය. ජාතික හැඳුනුම්පත් අංකය 715344696Vය. ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ උපන් ස්ථානය වැල්ලවත්තයැ’යි සඳහන් 999 අංක දරන උප්පැන්න සහතිකයය. ලිපිනය වශයෙන් සඳහන් වන්නේ ඊ13 පැජට් පාර, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07ය.

ඇගේ N වර්ගයේ ගමන් බලපත‍්‍රයේ දරු දෙදෙනාගේද නම් ඇතුළත්ව ඇති අතර ෘ වර්ගයේ රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයේ දරු දෙදෙනාගේ නම් ඇතුළත්ව නැත.
අපට ලැබී ඇති ශෂී වීරවංශගේ අංක 5935 දරන වැල්ලම්පිටිය කොළොන් නාව කොට්ඨාසයට අයත් උප්පැන්න සහතිකය අනුව ඇගේ නම රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්තිය. උපන් දිනය 1967.02.01 වැනිදාය. එමෙන්ම ඇගේ හා විමල් වීරවංශගේ විවාහ සහතිකය අනුවද ඇගේ නම රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්තිය. 1996 මාර්තු 15 දින විවාහය ලියාපදිංචි කරන විට ඇගේ වයස අවුරුදු 29කි.

එමෙන්ම අපට ලැබී ඇති ඇයගේ හා විමල් වීරවංශගේ දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතික අනුවද ඇගේ නම රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති රණසිංහය. උපන් දිනය 1967 පෙබරවාරි 01 වැනිදාය. එහෙත් එම උප්පැන්නවලට පසුව ඇතුළත් කර ඇති සංශෝධන අනුව ඇයගේ උපන් දිනය 1971 පෙබරවාරි 03 යනුවෙන්ද ඇයගේ නම රන්දුණු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති රණසිංහ යනුවෙන්ද වෙනස් කර ඇත. තවද දරුවන්ගේ උප්පැන්න සහතිකවලට පසුව කරන ලද වෙනස්කිරීම් යටතේ විමල් වීරවංශගේ උපන් දිනය 1970 මාර්තු 07 වැනි දින වශයෙන් වෙනස් කර ඇත. එසේ වුවද එම උප්පැන්න සහතිකවල ඔහුගේ උපන් දිනය වශයෙන් මුලින් සටහන් කර ඇත්තේ 1967 මාර්තු 07 දින වශයෙන්ය.

පුද්ගලයකුට සිය නමද වාසගමද වෙනස් කරගත හැකිය. එහි ගැටලූවක් නැත. එසේ වෙනස් කිරීමේදීත් ඊට පිළිගත් ක‍්‍රමවේදයක් ඇත. ඒ අනුව මුලින් ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකයේ 13 වන තීරය යටතේ වෙනසකට භාජනය කරන ලද අදාළ නම් හෝ වාසගම් සටහන් කරනු ලබයි. ඊට අමතරව උපන් දිනයද වැරදියට සටහන් වී ඇත්නම් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කර ලියාපදිංචි කරන ලද මුල් උප්පැන්න සහතිකයේම එය සිදුකර ගැනීමේ හැකියාව පවතී.

කූට ලේඛන සකස් කිරීම

එහෙත් විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ ඇගේ ශිර්ජා යන නම ෂෙහාෂා යනුවෙන් වෙනස් කිරීමේදීද, 1967 උපන් දිනය 1971 වශයෙන් වෙනස් කිරිමේදීද මේ නීත්‍යනුකූල ක‍්‍රමවේදය අනුගමනය කර නැති බව ඇගේ විදේශ ගමන් බලපත් දෙක සඳහා ලබාදී ඇති උප්පැන්න හා ජාතික හැඳුනුම්පත්වල තොරතුරු පිරික්සීමේදී පෙනීයයි. පැහැදිලිවම ඇය ව්‍යාජ උප්පැන්න සහතිකයක් හා ජාතික හැඳුනුම්පතක් විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීමේදී ඉදිරිපත් කර ඇති බව පෙනී යයි.
ව්‍යාජ හෝ කූට ලේඛන සකස් කිරීම, සකස් කර සන්තකයේ තබාගැනීම හා ඒවා ඉදිරිපත් කර රජයේ වලංගු හැඳුනුම්පත් ලබාගැනීම හෝ ගමන් බලපත් ලබාගැනීම නීතිය අනුව දඬුවම් ලැබිය යුතු වරදකි. විරුද්ධ දේශපාල නඥයන්ගේ දේශපාලන සුජාතභාවය ගැන ප‍්‍රශ්න කරමින් කෑමොර දෙන විමල් වීරවංශ නොදැන ඉහත සඳහන් කූට ලේඛන සකස්කිරීම් සිදුවිය නොහැකිය.

ශෂී වීරවංශගේ මේ කූට ලේඛන තහවුරු වන තවත් සාක්ෂියක් වන්නේ සමාගම් මැදුර තුළ ඇගේ (රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති) සහ ඇගේ හවුල්කරු සිංහල පේඩිගේ උපාලි තිලකරත්න නමින් ලියාපදිංචි කර ඇති ඍ්බාමබම Randunu Fabric (Pvt) Ltd  ඛඑා ආයතනයේ විස්තර පිරික්සීමේදීය. එහි විස්තර අනුවද ඇයට වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් නැත. ඇය එම ලියාපදිංචිය සඳහා යොදා ඇත්තේ ඇයගේ රියදුරු බලපත‍්‍රයේ අංකයය.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ මේ ආකාරයට කූට ලේඛන සකස් කර ඒවා භාවිත කිරීම ඉතාම සූක්ෂ්මව සිදුකර ඇති බවය. ආගමන විගමන දෙපාර්තමේන්තුවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද, රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවද මේ කූට ලේඛන සකස් කිරීම ගැන කටයුතු කරන්නේ කෙසේදැ’යි අපි බලා සිටිමු. මන්ද කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් වූ වැරදිවලට සාමාන්‍ය ජනයාට එරෙහිව එම ආයතන මෙතෙක් කටයුතු කර ඇති නිසා-රාවය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.