විමල් තවත් නඩුවක් පටලවා ගනී – කොහොල්ලෑ බබා සේ

wimalජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව මහතා වීසා නොමැතිව ව්‍යාජ ගමන් පත්‍ර යකින් එකකින් මැලේසියාවට ඇතුළු වීමට ගොස් අත් අඩංගුවට ගෙන දින 3 ක් මැලේසියාවේ හිරේ දමා සිටියේ යැයි විමල් වීරවංශ විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය හේතුවන් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රු. බිලියනයක් වන්දි ඉල්ලා නඩු පැවරීමට තුසිත හල්ලොලුව මහතා තම නීතිඥයන්ට පවරා තිබේ. එම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කළ පුද්ගලයන්ටද එරෙහිව වන්දි ඉල්ලන බව හල්ලොලුව මහතා පවසයි. විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය 24 දා පාර්ලිමේන්තුවේ දී මෙසේ කීය.

“ මංගල පින්සිරි සමරවීර ඇමැතිගේ ලේකම් කෙනෙක් තුසිත හල්ලොලුව, වීසා නැතිව හොර පාස්පෝට් එකකින් කටුනායක ගුවන් තොටුපොලින් පිටත් වුනා මැලේසියාවට. මැලේසියාවෙදි අත් අඩංගුවට ගත්තා. දවස් 3 ක් හිරේ හිටියා. අන්තිමට එහේ හිටිය ශ්‍රී ලංකා තානාපති ලවා විදේශ දෙපාර්තමේන්තුව හරහා බලපෑම් කරලා දවස් 3 කින් ලංකාවට ගෙන්වා ගත්තා. වීසා නැතිව කටුනායක ගුවන් තොටුපොලින් යැව්වේ කොහොමද? වීඅයිපී ලෝන්ච් එකෙන් යන්නේ. ඩිප්ලොමැටික් පාස්පෝට් එකක් පෙන්වන්නේ. මැලේසියාවෙදි දන්නවා මේක හොර පාස්පෝට් එකක් වීසා නෑ. ඒ නිසා හිරේ දානවා. අද මේවා මේ රටේ කතා බහ වෙන්නෙ නෑ.“

තුසිත හල්ලොලුව මහතා කටුනායකින් පිටත්ව ගොස් ඇත්තේ මැලේසියාව බලා නොව මියන්මාරය බලාය. ඒ සඳහා ඔහුට 2017 අගෝස්තු 10 වෙනිදා wimalසිට නොවැම්බර් 08 වෙනිදා දක්වා අදාල වීසා අවසරය ලැබී තිබිණ. ඔහු කටුනායකින් මියන්මාරය බලා පිටත්ව ගොස් ඇත්තේ අගෝස්තු 11 දා වන අතර මියන්මාරයට ගොඩ බැස ඇත්තේ 12 දා ය. ඒ අනුව වීසා නැතිව කටුනායකින් පිටත් වුනේ කොහොමදැයි වීරවංශ අසන ප්‍රශ්නය මෙන්ම. හොර පාස්පෝට් ප්‍රකාශයද බොරුවක් බව තුසිත හල්ලොලුව මහතා පවසයි.

තුසිත හල්ලොලුව මහතා පොහොර සංස්ථාවේ සභාපති ලෙසත් මුදල් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසත් රාජකාරි ගමන් බලපත්‍රයක් සඳහා දෙවරක්ම සුදුසුකම් සපුරා ඇත්තෙකි.

තුසිත හල්ලොලුව මහතා මියන්මාරයේ සිට එන අතරේ ට්‍රාන්සිට් එකක් සඳහා අගෝස්තු 18 දා මැලේසියාවට ගොඩ බැස්සේය. එහිදී ඔහුගේ මිතුරෙකු වන මැලේසියානු ජාතික වෛද්‍යවරයෙකු තමා සමග රාත්‍රී භෝජනයකට සහභාගී වන්නැයි ඇරයුම් කළ බැවින් ඔහු මැලේසියාවට ඇතුළු වීය. මැලේසියාවට ඇතුළු වීමට පෙර දී ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තිබූ ‘ඔන් අරයිවල් වීසා‘ සහනය දැන් නොමැති අතර කලින් වීසා ලබා ගෙන ආ යුතුය. තුසිත හල්ලොලුව මහතාට මැලේසියාවට කලින් ලබා ගත් වීසාවත් නොතිබූ නමුත් ඔහුගේ ගමන් බලපත්‍රයේ ඇමරිකාවට පවා වසර 5 කට වීසා තිබෙන බැවින් මැලේසියානු ගුවන් තොටුපොලේ දී රටට නීත්‍යානුකූලව ඇතුළු වීම සඳහා දින 3 කට එනම් 18 – 22 දක්වා තාවකාලික අවසර පත්‍රයක් නිකුත් කරන් ලැබූ බවයි ඔහු පවසන්නේ.

දැනටමත් නඩු රාශියක් පටලවා ගෙන සිටින විමල් වීරවංශ මහතා මෙවර ගැලවිය නොහැකි උගුලක හිර වී ඇති බව අපහාස නීතිය පිළිබඳව ප්‍රවීනයෙක් වන සිරිනිමල් අතුකෝරාල පැවසීය. wimal

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.