විමල් නවතින්නේ මෛත්‍රී ලඟද?

wimal weerawansaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වූ ජාතික නිදහස් පෙරමුණ පසුගියදා නව ව්‍යවස්ථා යෝජනා ගැන කතා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසිණි. එහි නායක විමල් වීරවංශ හා සෙසු මන්ත්‍රීහු ද මෙම හමුවට එක්ව සිටියෝය. ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් පෙන්වා දෙමින් විමල් වීරවංශ මහතා කීවේ මෙම යෝජනා ක්‍රියාත්මක කළහොත් රට බෙඳුම්වාදය කරා තල්ලු වන බවයි. සමහරුන් මෙහි යොදා ඇති වචන වගන්ති ගණන් නොගෙන සම්මත කළ යුතු යැයි කියන්නේ බෙදුම්වාදයට උඩගෙඩි දීමේ අරමුණින් යැයි ද ඔහු කීය.

විමල්ලාගේ විග්‍රහයට සවන් දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවමත් සාකච්ඡාවට බඳුන් වන්නේ ව්‍යවස්ථා යෝජනා පමණක් බවය. මෙයින් බොහොමයක් එ.ජා.පයේ අදහස් බව කී ජනාධිපතිවරයා ඇතැම් ඒ අදහස් සමඟ ශ්‍රී.ල.නි.පය එකඟ නැතැයි ද කීය. ඉදිරියේ දී මේ ගැන සාකච්ඡා කොට රටට වඩාත් හොඳ ව්‍යවස්ථාවක් සැකසීමට තමන් කැපවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

නඩු කීපයකටම මැදි වේ සිටින විමල් වීරවංශ මේ වන විට බෙහෙවින්ම හීලෑ වූ චරිතයකි.

 

ඔහු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රනිල් හ කථා නොහරන බව කියා සිටි අතර ඔහු වංගුවක් දමා

මෛත්‍රී ට සමීප වීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින් පවසති

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.