විමල් නිවසේ මිය ගිය තරුණයා අවසානයට කථා කලේ කාටද?

lahiru janith - last callපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව දුරකථන ඇමතුම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

මෙම සිද්ධියට අදාළව අධිකරණ නියෝගයක් මත එම තරුණයාගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඇමතුම් අංක කිහිපයක් සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි.

මේ දුරකථන ඇමතුම් සහ මරණය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව පොලීසියට සැක පහල වී තිබේ. එසේම මෙම සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන තලංගම පොලිසිය මන්ත්‍රීවරයා සිද්ධියට අදාළ දින රාත්‍රී නිවසේ නොසිට ඇති බවද තහවුරු කරගෙන ඇත.

මන්ත්‍රීවරයා එදින රාත්‍රී නිවසේ නොසිටි බව මෙතෙක් කළ පරීක්ෂණවලින් සනාථ වූ බව පොලීසිය කියයි.

මේ අතර මරණය සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවද මෙතෙක් උසාවියට ඉදිරිපත් කර නැති අතර තරුණයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂාවට රස පරීක්ෂක වෙත යවා ඇතැයි ද වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.