විමල් පරාජය බැසිල් ගේ ගිණුමට බැර කරයි

images (70)vnbv

අගමැති රනිල් වික්‍රමසිංහ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට කිය සිටීයේ ‘සිටියේමම එතුමාට එකක් කියන්නම්. ඔබතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැති කළා. ඉතුරු ටිකත් නැති කරන්න එපා. කරුණාකරලා මෙතන තිබෙන ජාතිවාදය අමතක කරලා දමලා අපි බලමු මේ ප්‍රශ්නය කොහොමද විසදන්නේ කියලා’ යනුවෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ  ප්‍රකාශයට පිලිතුරු දෙන වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ගේ ක්‍රියා කලාපය නිසා හිටපු ජනාධිපතිවරයාට ඡන්ද  වැඩිවූ බවයි.

දැන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටින්නේ බැසිල් රාජපක්ෂ නිසා  මහින්ද පරාජය වූ බවයි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සියල්ල ඒකාධිකාරියක් ලෙස  සියළු කටයුතු තමන්ගේ අතට ගත නිසා පවූල් පාලනය පිළිබඳ අදහසක් ඇති වූ බවයි විමල් විරවංශ  කියා සිටින්නේ.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ප්‍රතිසංස්කරණ සිදුකිරීමට  ඉඩ ලබා නොදුන් බවත් විමල් වීරවංශ කියා සිටිනවා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු  පිරිසට ලබන  මැතිවරනයේදී  වෙනම  තරඟ කිරීමට සිදුවන් හෙයින් සිංහල ජාතිකත්වයට ආමන්ත්‍රණය  කරන සුළු ජාතික විරෝධි දේශපාලනයකට  යොමු විය හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

[vsw id=”/_-V_MS8QUz8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

මේ අතරවාරයේ වීරවංශමන්ත්‍රී වරයාගේ ප්‍රකාශකයා වන කොළඹ නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් කියා සිටින්නේ සිවිල් ඇදුම් ඇදගත් පොලිස් නිලධාරීන් යැයි කියා ගත් පිරිසක් තමන් පසුපස ලූහුබදිමින් සිටින බවත් එමගින් තම ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවයි.මේ පිළිබඳව ඔහු පොලිස්පතිවරයාට දන්වා ඇත.

දිවා රැයේ පොලීසිය ලූහුබඳිනවා.. මගේ ජීවිතය අවදානමේ – ජානිපෙ මාධ්‍ය ප‍්‍රකාශක

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.