විමල් බිරිඳ අත් අඩංගුවේ දේශපාලනය බොල්

DSC_2

 

විමල් වීරවංශ ගේ බිරිඳ කොළඹ මහා රෝහල වෙත මාරුකර යවා ඇත.අය නිර්දෝෂී බව ඇගේ නීතීවේදීන් කියා සිටිති.පුද්ගලයින් ලියාපදිංචි කිරීම අදාල ලිපි අතුරුදහන් වී ඇත.

මෙය සැබෑ ලෙසින්ම දේශපාලන නාට්‍යයකි.විමල් වීරවංශ ගේ බිරිඳ කූට ලිය කියවිලි සෑදීම පිළිබඳව වැරදිකාරිය හෝ නිවැරදිකාරිය විය හැකිය. ප්‍රශ්නය වන්නේ මේ අත් අඩංගුවේ දේශපාලනයයි.

විමල් වීරවංශ ගේ බිරිඳ අත් අඩංගුවට ගැනෙන්නේ දේශපාලනික පස මිතුරු බව නිසා බව විමල් ගේ ප්‍රබලම ප්‍රතිවාදියෙකුට පවා පිළිගැනීමට සිදුවේ.

සැබවින්ම විමල් වීරවංශ ගේ බිරිඳ මේ ගමන් බලපත්‍ර වලින් ආගිය තැන ගැන හොයා බැලීම වඩාත් වැදගත් විය හැකිය.විශේෂයෙන්ම සී ෂෙල්ස් දුපතට ගිය හේතුව හොයා බැලීම වැදගත්ය.විමර්ශන කරන බලධාරීන්ට එවැනි යාන්ත්‍රණ නැත.

MALLL

 

කුණිස්සන්

අනෙක් අතට අළුත් ආණ්ඩුවේ උදවිය මහා හඩින් වේදිකා වල කෑ ගසා කීවේ ඇමති බිරින්දෑවරු හොරට පාස්පෝට් භාවිතා කරන බව නොවේ. ඔවුන් කීවේ විමල් වීරවංශ ඇතුළු

රාජපාක්ෂික ඇමතිවරු කෝටි ගණනින් ගසා කෑ බවය.එහෙත් දැන් තෝරු මෝරු ගැන කථා කොට හාල්මැස්සන් නොව කුණිස්සන් අල්ලමින් සිටිති.

හුදු තර්කයම භවිතා කොට ඇස් පණා පිට පෙනෙන සත්‍ය වසං කිරීමේ සමත්  විමල් වීරවංශ වැනි දේශපාලකයෙක් දේශපාලනිකව පරාජ්‍ය කිරීමේ හැකියාව මේ ආණ්ඩුවට තිබිය

යුතුය එසේ නැති නම් කියූ පරිදි දුෂණ සම්බන්ධයෙන් පියවර ගන්නා බව විශ්වසනීය ලෙස ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.

දැනට ආණ්ඩුව ජනතාවට ඒත්තු ගන්වා ඇත්තේ මේ දෙකම බැරි බව පමණි.

politics of arresting wimal’s wife

[vsw id=”/mw3DFQBuVxk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.