විමල් වත්කම කෝටි 71 යි – අපොස සමත්ද?

wimal-rajithaඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා ලැබ සිටින නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අපොස සාමන්‍ය පෙළ පවා සමත් නැති බව අමත්‍ය රාජිත සේනාරත්න පවසයි.

2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 71 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.

මෙන්න පාර්ලිමේන්තු සංවාදය

“අද උදේ මෙයාලා මහ ලොකුවට කිව්වේ ජාතික ආණ්ඩුව නෑ කියලා. දැන් මේ තියෙන්නේ මොකක්ද? අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා මම කිව්වේ නෑ කියලා මහින්ද අමරවීර මහතා කියලා තියෙනවා“. (දුරකතන බලාගෙන රාජිත ඇමැතිවරයා කියයි)

විමල් වීරවංශ – යම් ලේඛණයක් ගැන කියනවා නම් සභාගත කරන්න කියන්න. අප්පයි පුතයි දෙන්නම එකයි.

රාජිත – මෙතුමා තාක්ෂණය ගැන දන්නේ නෑ. මෙතුමා ඕලෙවල් ෆේල්. පුලුවන්නම් සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න.

විමල් වීරවංශ – මේ කැබිනට් ප්‍රකාශක කියනවා මම ඕලෙවල් ෆේල් කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න. මම හෙට ඉල්ලා අස්වෙනවා.

රාජිත සේනාරත්න – ඇයි ඒලෙවල් කළේ නැත්තේ? වැඩ හයයි ඕනා ඕලෙවල් පාස් වෙන්න.

මේ අතර විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. ඔහු මේ බව කීවේ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.