විමල් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීම ගැටළුවක් නොවේ – කරු

Karu Jayasuriyaජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුවත් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක්ය කියන කාරණයට බාධාවක් නොවන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (09) නිවේදනය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. එහිදි විමල් විරවංශ මහතා මෙසේද කීය.

“මම සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියෙන් ඉවත් වෙන බව දැනුම්දිම නිසා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාපිත මණ්ඩලයක් නොවන බවට අප මතු කළ තර්කයට ඔබතුමා පසුව පිළිතුරක් ලබා දෙන බව කිව්වා. ඒ ගැන මතය අද කරන්න පුළුවන්ද නැතිනම් එම ප්‍රකාශය පසුව කරනවාද කියා දැනගන්න කැමතියි.”

කතානායක – ඔබ කණ්ඩායම ඉවත්විම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කටයුතුවලට බාධාවක් නොවන බවට මට නිති උපදේශකයින් දැනුම් දි තිබෙනවා.

විමල් විරවංශ මහතා – ව්‍යවස්ථාපිත මණ්ඩලය මුළු පාර්ලිමේන්තුම වෙනවා කියලා අපට ලිපි ලැබිලා තියෙනවා. එය විය නොහැකියි කියලා තමයි අපි කියන්නේ. අප පස් දෙනා                                   ඉවත්විම නොවෙයි පනහක් ඉවත් වුනත් බාධාවක් නැහැ කියලද කියන්නේ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රැස්වෙන මන්ත්‍රීවරු කියන අදහස තමයි මෙතනදි තියෙන්නේ.

විමල් විරවංශ මහතා – මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එකතුවුනත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වෙනවාද

කතානායක – ඔබ කණ්ඩායම ඉවත් වුනත් එය ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙස හැදින්විය හැකි බවට තමයි මට උපදෙස් ලැබිලා තියෙන්නේ.

විමල් විරවංශ මහතා – ඔබතුමා ඔහොම උපදෙස් දෙන අයගෙන් ප්‍රවේසම් වෙන්න

කතානායක – පිළිගත් අයගෙන් තමයි මම උපදෙස් ගන්නේ

විමල් විරවංශ මහතා – ඒක තමයි ප්‍රශ්නේ.

සභානයක – පිළිගත් අයගෙන්…. පිළිගත් අයගෙන් ….. මේ …. අපි වගේ…..

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.