විමල් වීරවංශ දුෂිතයෙක්-කඩුවෙල නගරාධිපති-නෑ මම නිදොස්-විමල්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්  වීරවංශ ගේ කට නිසා හිටපු ජනාධිපති මහින්ද රජොපක්ෂ ගේ ඡන්ද පදනම දෙදරා ගිය බව කඩුවෙල  නගරාධිපති ජී.එච් බුද්ධදාස මතා පැවසීය . දුෂිත ත ලෙස ධනය රැස් කල වීරවංශ  මන්ත්‍රීවරයා පිළිබඳව තමන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව නගරාධිපතිවරයා පැවසීය.

 

‘නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිරිසේන කියලා කෑ ගැසුවා. අයියෝ සිරිසේන කියලා කිව්වා. යටි උගුරෙන් කෑගසමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පුදුම ආකාරයට අපහාස කළා.’ යැයි නගරාධිපතිවරයා පැවසීය.

 

wimals-hotel-2

විමල් වීරවංශ ගේ බව කියන හෝටලය

[vsw id=”/qzD68mSc3Xg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා  මාධ්‍ය හමුවක් කැඳවා තමන් දුෂිතයෙක් නොවන බව කියා සිටියේය.

 

අපට විරුද්ධව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් තොට තිබෙනවා. 2008ට පෙර මම ජනතා විමුක්ති පෙරමුණේ සිටින විට අවලාද ගැසීමට රාවය පුවත්පත යොදා ගත් නිවසම යොදා ගෙන තමයි අදත් මේ විදිහට අවලාද ගහන්නේ. අපි සූදානම් ඒ ඕනෑම එකකට උත්තර දීමට. ‘රිච්ලූක්’ නැමැති සමාගමක කොටස් මගේ බිරිඳට තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන්. ඒ වගේ අනන්ත අප‍්‍රමාණ බොරු චෝදනා එම පැමිණිල්ලේ තිබෙනවා. මට හෝ මගේ බිරිඳට හෝ මගේ පවුලේ අයකුට ‘රිච්ලූක්’ සමාගමේ කොටස් තිබෙනවා කියා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා. පට්ටපල් බොරු දාලා ඒ චෝදනා හදලා තියෙන්නේ. මේවාට මාධ්‍යවලින් ප‍්‍රචාරය ලැබුණාම අහිංසක මිනිස්සු මේවා ඇත්ත කියා හිතනවා යැයි   පැවසීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.