විමල් ස්වාධීනවීම රථ ගායේ ප්‍රතිපලයක්

wimal-weerawansaජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට මේ දක්වා ලිඛිත ඉල්ලීමක් කර නැති බව සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එවන් ඉල්ලීමක් ලදොත් එය සලකා බලන්නට සූදානම් යයිද කී ඇමති අමරවීර ස්වාධීන වීමට උවමනා නම් ඉල්ලීම් කළ යුත්තේ සන්ධාන මහ ලේකම්ගෙන් මිස කථානායකවරයාගෙන් නොවන බවද කියා සිටියේය.

ඇමතිවරයාගේ මෙම ඉල්ලීමට වහා ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා තම පක්‍සය වන ජාතෙික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බවට වූ ලිපිය අද පස්වරුවේ බාර දී ඇත.

දැනට විමල් වීරවංශට එරෙහිව පවරා ඇති වාහන අපහරණය කිරීමේ චෝදනා හේතුවෙන්ඔ හුට ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමට සිදුවන සෙයක් දක්නට ලැබේ.

එසේ සිදුවුනහොත් එහි උපක්‍රමික වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. විමල් ගේ නික්මනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමැතියත් ලැබී ඇති බව තතුදත් මාධ්‍යවේදීහු පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.