විල්පත්තුවට ගුවන් නිරීක්ෂන

wilpattu forestවිල්පත්තු අභයභූමියට අයත් ප්‍රදේශය තව දුරටත් පුළුල් කරමින් වනජීවි කලාපයක් ලෙස ගැසට් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා (30) උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා හිරු නාලිකාවෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මේ පියවර ගෙන තිබේ.

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ජනපති මැදුරේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා අදාළ උපදෙස් ලබාදී ඇත.

තවද විල්පත්තුව ඇතුලු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස ද උපදෙස් දී ඇතැයි වාර්තා වේ

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර එළි කිරීම්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද සිරිසේන මහතා එහිදී පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත.

වනාන්තර එළිපෙහෙලි කිරීම්වලට එරෙහිව දැනට පවතින නීතියේ ඇති දඩ මුදල හා සිර දඩුවම් පුර්ණ ලෙස ක්‍රියාත්මක කරන්නැයි තමන් අධිකරණ සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බවද සිරිසේන මහතා හෙළිකර තිබේ.

මෙහි දී ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවල සිදුවන වන විනාශයන් පිළිබඳව ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබා දීමට විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙස ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!