විල්පත්තුවට ජනපති ගෙන් තහනමක්

විල්පත්තු උතුරු අභය භූමිය වනසද්දී බලධාරින් තවම බුදි. 4විල්පත්තු වන උද්‍යානය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයක් අනුව අද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

මේ පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇති අතර එම ප්‍රදේශවල සියළු රාජ්‍ය නිලධාරීන්ටද ඒ පිළිබඳව දන්වා යවා තිබේ.

නීති විරෝධී ලෙස කිසිවෙකු හෝ එම ප්‍රදේශ වල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම සිදු කරන්නේ නම් ඔවුනට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් දී ඇති බවයි නිවේදනයෙහි සඳහන් වන්නේ.

මේ අතර මේ අතර විල්පත්තු අභයභූමියේ සිදුවන වන සංහාරය, අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, පරිසර සංවිධාන සමඟ එක්ව අද විල්පත්තු වනයේ විශේෂ විමර්ශනයක යෙදුණි.

ජ.වි.පෙ. විල්පත්තුවට යයි

 

 

විල්පත්තු වනයේ වසර ගණනාවක් පුරා දේශපාලන බලය මත සිදුවූ අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් ආදී පාරිසරික විෂමාචාර ක්‍රියාවන්ට පසුගිය ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් මේ වන විට කිසිදු අවධානයක් යොමුකර නැති බැවින් පක්‍ෂයක් හැටියට එම පාරිසරික ගැටලුව ගැන සොයා බලා ඊට අදාළ විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමට ජවිපෙ තීරණය කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.