විශ්වාසභංගයකට මුහුණ දීමට සූදානම් -ජයවික්‍රම පෙරේරා

 

 

 

Interviewpic1

 

ඕනෑම විශ්වාසභංගයකට මුහුණ දීමට ආණ්‌ඩුව සූදානම් බවත් එක්‌සත් ජාතික පක්‍ෂය බලාගෙන ඉන්නේ විශ්වාසභංගය ඉදිරිපත් කරන තෙක්‌ බවත් එම පක්‍ෂයේ හිටපු සභාපති සහ වත්මන් ඇමැති ගාමිණී  ජයවික්‍රම පෙරේරා මහතා  පැවසීය.

පසුගිය රජය සමයේ කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් සොරකම් කළ මැති ඇමැතිවරුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ සොරකම් හෙළිකිරීමට පෙර ආණ්‌ඩුව පෙරළා දැමීමට බව පැවසූ හෙතෙම දූෂිතයන්ට අවශ්‍ය ආකාරයට ආණ්‌ඩුව පෙරළීමට කිසිවිටකත් ඉඩ නොදෙන බව පැවසීය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලබන 9 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංගය සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිචාරය කුමක්‌දැයි  කළ විමසුමකට ප්‍රතිචාර දක්‌වමින් ජයවික්‍රම පෙරේරා මහත මේ බව සඳහන් කළේය.

 

රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සිටින දේශපාලනඥයන් අතර පිරිසිදු නායකයකු බවත් දූෂිතයන්ට අවශ්‍යව ඇත්තේ විශ්වාසභංග ගෙන එමින් ඒ නායකයාට මඩ ගැසීම බවත් හෙතෙම කීය. ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ ඡන්දයකට යැමට මේ වනවිට තීරණය කර තිබෙන බව අනාවරණය කළ ඒ මහතා එවැනි පසුබිමක්‌ තුළ විශ්වාසභංග ගෙන එමින් තමන්ගේ පැත්තට පුළුල් ජනමාධ්‍ය ප්‍රචාරයක්‌ ලබාගැනීමට විපක්‍ෂයේ ඇතැම් අය ක්‍රියාකරන බවට චෝදනා කළේය.

 

ජෝන් අමරතුංග වැනි ඇමැතිවරුන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන විපක්‍ෂය තවත් විශ්වාසභංග ගෙන එමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම හමුවේ මුලා නොවන ලෙස තම පක්‍ෂය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.