විශාඛා වේ කර්නල් විදුහල්පතිනිය අඩියක් පස්සට

e50ea347917618304944294820c7b33b_Lඉගෙනුම ලබන පන්ති කාමරය තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයට ගෙන යෑම  නිසා අසාධරණයට ලක්වු විද්‍යාලයේ ප්‍රශංෂා ලක්මිණී  සිසුවියට සාධාරණයක් ඉටු කරන බව එම විදුහලේ විදුහල්පතිනි  හිටපු කර්නල් සඳමාලි අවිරුප්පල මහත්මිය අද (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොරොන්දුවී ඇති බවට වාර්තාවේ.

එම සිසුවියට වූ අසාධාරණය හා තුන් මාසයක් තිස්සේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වීයැයි කියමින් ඇගේ පියා ඩබ්ලිව් අමිත සුදර්ශන සහ මව චමිලා සුභාෂිනී මුණසිංහ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දරුවා වෙනුවෙන් පන්ති කාමරය පහළ මාලයට ගෙන ඒමටත්, තුන් මාසයක් තිස්සේ අතපසු වූ පාඩම් කියා දීමටත්, දරුවාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීමටත් විදුහල්පතිනිය එකඟ වූ බව කොමිෂන් සභා ආරංචි පවසයි.‍

 

bbbbbbbbbbbbbbbbbbbyyyyyyyy

මෙවැනි දරුවන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශයක් අධ්‍යාපන නිලධාරීන්ට නිකුත් කරන්නැයි මෙම අවස්ථාවට සහභාගී වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා  කොමිසමෙන් ඉල්ලීමක් ද කර ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.