විශේෂඥ වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වලින් ඉවත් වීමට යයි!

සාධාරණ බදු අය කර ගැනීමේ ව්‍යුහයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් එළඹෙන ජුනි මස 18 වෙනිදා සිට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමෙන් වැලකී සිටීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කිරීමට යයි.

විශ්ෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකතුව පවසන්නේ 2018 අප්‍රේල් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කර ඇති බදු අය කර ගැනීමේ යාන්ත්‍රණය මගින් 12 % ක්ව පැවති බදු ප්‍රතිශතය 24% ක් දක්වා වැඩි කර ඇති බවයි. අප්‍රේල් මස 01 වෙනිදාට පෙර ක්‍රියාත්මක වූ 12% බදු ක්‍රමයට තමන් එකග බවත් එය නැවත ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටී.

2018 බදු අය කර ගැනීමේ ක්‍රමය මගින් වැට් බදු, උපයා ගැනීම් මත පනවන බදු හා ආදායම් මත බදු එකතුකර පොදු බදු අයකර ගැනීමේ ව්‍යුහයක් සකසා ඇත.

මෙම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට රජයේ පෞද්ගලික හා වෛද්‍ය විද්‍යාවල සිටින විශේෂ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෙයි.

හෙට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවෙන් තීරණාත්මක එකක් වන බවත් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් එළඹෙන ජනවාරි 18 සිට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමෙන් වැලකී සිටින බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා අවධාරණය කරයි.

‘45% ක් රෝගීන් දැනට ප්‍රතිකාර ගන්නේ පෞද්ගිලක අංශයෙන්. මෙම පෞද්ගිලක අංශයෙන් රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම නිසා සෞඛ්‍ය සේවාවේ වියදම් බර රජයට අඩුවෙනවා. එසේම රජයේ රෝහල්වල තිබෙන තදබදය සමනය වෙනවා. රජය විසින් බෙහෙත් සඳහා දැරිය යුතු වියදම අඩුවෙනවා ‘ යනුවෙන් වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා පැහැදිලි කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.